ඉදිරි මාස 2 තුළ ලිහිසිතෙල් අපනයනයට පියවර!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

පසුගිය කාලය පුරාවට මෙරට ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණු බවත්, නමුත්, මේ වන විට එය දෙගුණයකින් වැඩි කරගැනීමට හැකිවූ බවත් සතුටින් ප්‍රකාශ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි මාස දෙක තුළ ලිහිසිතෙල් අපනයනය කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ සඳහා මේ වන විටත් බංග්ලාදේශයෙන් ඇණවුම් ඉදිරිපත් වී ඇති බවය. 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේ වෙනකොට අපේ ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණේ. කියන්න සතුටුයි මේ වෙද්දි දෙගුණයකින් අපිට මේ කාලය තුළ වැඩි කරගන්න පුළුවන් වුණා. කියන්න සතුටුයි තව මාස දෙකක් උපරිම යයි. ඒ කාලය තුළ සිපෙට්කෝ තෙල් අපි පිටරට යවනවා. බංග්ලාදේශයෙන් ඕඩර් එකක් ආවා. ගුවන් තෙල් එක නිකන්ම තිබුණේ. අපි ගුවන් සමාගම් එක්ක අපි කතා කළා. මේ කලාපයේ ගාණට වඩා අඩු කළා. ගිය අවුරුද්දට වඩා ශීඝ්‍රයෙන් අපේ ගුවන් තෙල් වෙළෙඳාම දැන් වැඩිවෙමින් පවතිනවා. දැන් බෝනස් එක දෙනවා නැද්ද කියන එක ගැටලුවක් තියෙනවා. මට බෝනස් එක නවත්තගෙන ඉන්න කිසිම උවමනාවක් නෑ. නමුත් නීති තියෙනවා, ගහපු චක්‍රලේඛ තියෙනවා ඒකට අනුව ඕන ක්‍රියාකරන්න. ඒකට අනුව මම දැන් මේක දෙන්නේ කොහොමද කියලා බැලුවා. අපිට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒක කැබිනට් එකට යන්න ඕනේ. ඔන්න ඔය ක්‍රියාවලිය කරගෙන යන්න ඕන දේවල් අපි කරගෙන යනවා. මේ මාසයේ ඇතුළත ඒ ටික කරගන්න බෑ. අනිවාර්යයෙන්ම බෝනස් එක නවත්වන්නේ නෑ. ඒක ගන්න අර ටික කරන්න ඕනේ. මේ මාසයේ බෝනස් එක දෙන්න විදියක් නෑ. ඒ නිසා තමයි මම රු 50,000 අවුරුදු සල්ලි විදියට වැඩි කරලා දෙන්නේ.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!