ඉදිරි මාස 2 තුළ ලිහිසිතෙල් අපනයනයට පියවර!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

පසුගිය කාලය පුරාවට මෙරට ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණු බවත්, නමුත්, මේ වන විට එය දෙගුණයකින් වැඩි කරගැනීමට හැකිවූ බවත් සතුටින් ප්‍රකාශ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි මාස දෙක තුළ ලිහිසිතෙල් අපනයනය කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ සඳහා මේ වන විටත් බංග්ලාදේශයෙන් ඇණවුම් ඉදිරිපත් වී ඇති බවය. 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මේ වෙනකොට අපේ ලිහිසි තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණේ. කියන්න සතුටුයි මේ වෙද්දි දෙගුණයකින් අපිට මේ කාලය තුළ වැඩි කරගන්න පුළුවන් වුණා. කියන්න සතුටුයි තව මාස දෙකක් උපරිම යයි. ඒ කාලය තුළ සිපෙට්කෝ තෙල් අපි පිටරට යවනවා. බංග්ලාදේශයෙන් ඕඩර් එකක් ආවා. ගුවන් තෙල් එක නිකන්ම තිබුණේ. අපි ගුවන් සමාගම් එක්ක අපි කතා කළා. මේ කලාපයේ ගාණට වඩා අඩු කළා. ගිය අවුරුද්දට වඩා ශීඝ්‍රයෙන් අපේ ගුවන් තෙල් වෙළෙඳාම දැන් වැඩිවෙමින් පවතිනවා. දැන් බෝනස් එක දෙනවා නැද්ද කියන එක ගැටලුවක් තියෙනවා. මට බෝනස් එක නවත්තගෙන ඉන්න කිසිම උවමනාවක් නෑ. නමුත් නීති තියෙනවා, ගහපු චක්‍රලේඛ තියෙනවා ඒකට අනුව ඕන ක්‍රියාකරන්න. ඒකට අනුව මම දැන් මේක දෙන්නේ කොහොමද කියලා බැලුවා. අපිට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඒක කැබිනට් එකට යන්න ඕනේ. ඔන්න ඔය ක්‍රියාවලිය කරගෙන යන්න ඕන දේවල් අපි කරගෙන යනවා. මේ මාසයේ ඇතුළත ඒ ටික කරගන්න බෑ. අනිවාර්යයෙන්ම බෝනස් එක නවත්වන්නේ නෑ. ඒක ගන්න අර ටික කරන්න ඕනේ. මේ මාසයේ බෝනස් එක දෙන්න විදියක් නෑ. ඒ නිසා තමයි මම රු 50,000 අවුරුදු සල්ලි විදියට වැඩි කරලා දෙන්නේ.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...