දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්!

Date:

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත බව සඳහන්.

2023 දෙසැම්බර් 31 වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව චෝදනා ලබමින් දේශබන්දු තෙන්නකෝන් මහතා එළඹෙන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඔහුගේ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමිනි.

පිටු 12කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තිබෙන චෝදනා ලෙස,

පිටු 12කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව තිබෙන චෝදනා ලෙස,

“මාතර W15 හෝටලයට ගිනි අවියකින් වෙඩිතබා අනර්ථයක් සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 08ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමෙන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක් සිදු කිරීම.”

“රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධී බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා 09ක්.” දක්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...