දේශබන්දුට එරෙහි විශ්වාසභංගයට සමඟියේ සහයත් හිමිවෙයි!

Date:

කොළඹ LNW:පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව රජය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සමඟි ජන බලවේගයේ සහය ද හිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා ඔහුගේ පත්කිරීමට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවේ ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ සමගි ජන බලවේගය බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් අද (25) පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

පොලිස්පතිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඒ ව්‍යවස්ථා උල්ලංඝනය කිරිමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ දේ සම්පූර්ණයෙන්ම විකෘති කර උත්තරීතර නීතිය අමු අමුවේ කඩකරමින් මේ කටයුතු කළ බවත් හෙතෙම කියාසිටියේය.

ඒ දවස්වල දේශබන්දු තෙන්නකෝන් ව්‍යවස්ථාව කඩකර උත්තරීතර නීතිය පාගා දමා අනීතිකව පත් කරන විට අද කෑ ගහන අය එදා නිශ්ශබ්දව සිටි අතර ප්‍රමාද වී හෝ මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒම ගැන සතුටු වෙන බවයි ඔහු පැවසුවේ.

ඒ සදහා පුර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...