දේශබන්දුට එරෙහි විශ්වාසභංගයට සමඟියේ සහයත් හිමිවෙයි!

Date:

කොළඹ LNW:පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව රජය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සමඟි ජන බලවේගයේ සහය ද හිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා ඔහුගේ පත්කිරීමට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවේ ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ සමගි ජන බලවේගය බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් අද (25) පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

පොලිස්පතිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඒ ව්‍යවස්ථා උල්ලංඝනය කිරිමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ දේ සම්පූර්ණයෙන්ම විකෘති කර උත්තරීතර නීතිය අමු අමුවේ කඩකරමින් මේ කටයුතු කළ බවත් හෙතෙම කියාසිටියේය.

ඒ දවස්වල දේශබන්දු තෙන්නකෝන් ව්‍යවස්ථාව කඩකර උත්තරීතර නීතිය පාගා දමා අනීතිකව පත් කරන විට අද කෑ ගහන අය එදා නිශ්ශබ්දව සිටි අතර ප්‍රමාද වී හෝ මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒම ගැන සතුටු වෙන බවයි ඔහු පැවසුවේ.

ඒ සදහා පුර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායකවරයා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...