අපේ හමුදා සාමාජිකයින්ට කරපු දේ කුමන්ත්‍රණයක් ඒ අය මිනිස්සු මැරුවේ නෑ – හිටපු ජනපති මෛත්‍රි

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

බ්‍රිතාන්‍ය රජය විසින් ,හිටපු හමුදා ප්‍රධානීන් ඇතුලු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමේ ක්‍රියාව කුමන්ත්‍රණයක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

තවද, මෙම ආරක්ෂක ප්‍රධානීන් මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කරපු අය මිස ඒ අය මිනිසුන් නොමැරූ බවද පැවසීය. ඒ අනුව මෙම සම්බාධක ඉවත් කර ගැනීමට වත්මන් රජය කටයුතු කළ යුතු බවද සිරිසේන මහතා කියා සිටියේය.

” මේ ආරක්ෂක ප්‍රධානීන් මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කරපු අය. ඒ අය මිනිස්සු මැරුවේ නෑ. අවසාන සති දෙක මතක ඇති. අපි මැරිලා උපන්නේ නෑ. ජාතීවාදි විදිහය ඒ අය විනාශයන් කළේ නෑ. මම අවස්ථා 5කදී වැඩබලන ආරක්ෂක ඇමති විදිහට හිටියා. ප්‍රභාකරන් මැරෙද්දිත් වැඩබලන ආරක්ෂක ඇමති මම. ඉතිං මම දන්නවා අවසාන සති දෙකේ මොකද වුණේ කියලා. ඒ නිසා අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මේ කරපු දේ ඉතාම අසාධාරණයි. මේ අය රට වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්. අපේ රණවිරුවෝ ජීවිත කොච්චරක් පූජා කළාද? ඒ කළේ රට වෙනුවෙන්. ඇල්ෆ්‍රඩ් දොරයප්පා, අමිර්තලිංගම් වගේ අය එල්.ටී.ටී.ය මැරුවා. ඒ අය මැරුවේ ඇයි ? මේවා ගැන කතා කරන්න ඕනේ. ඒත් අපේ හමුදා සාමාජිකයින්ට කරපු දේ කුමන්ත්‍රණයක්. ජනතාව අවධියෙන් ඉන්න ඕනේ. යුද්ධය ඉවර වුණේ නැත්නම් කොළඹවත් පොලොන්නරුවත් ඉතුරු වෙන්නේ නෑ. මම දැඩි ලෙස කම්පනයට පත්වෙනවා වගේම කණගාටුවට පත්වෙනවා මේ රට බේරගත්ත ජාතික වීරයින්ට ජාත්‍යන්තර වශයෙන් කරපු අසාධාරණයට” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...