සුජාන්ගේ දස්කම් සහ ශ්‍රී ලංකාවේ වාසනාව තායිලන්තයට එරෙහි පරාජයේ ප්‍රමාණය අවම කරයි

Date:

නිශ්මං රණසිංහ

කොළඹ මාර්තු 25 LNW :

ලෝකයේ අංක 97 ට ශ්‍රේණිගතව සිටින තායිලන්තය ඊට වඩා ස්ථාන 103 ක පසුපසින් සිටින ශ්‍රී ලංකාව සමඟ ආසියානු සම්මේලන කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තෙවන වටයේ තරගයකදී ලකුණු 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් කළා.සමස්ත ලකුණු සටහන කියවා ගැනීමේදී 1-0 ක් ලෙස පෙණුන ද සුජාන් පෙරේරා දක්ෂ ලෙස මඟ හරවා ගත් ගෝල කිහිපයක් සහ තායිලන්ත ක්‍රීඩකයින් දැල අසළ කළ අතපසුවීම් නොවන්නට තායිලන්තයේ ගෝල ප්‍රමාණය වෙනස් වන්නට තිබුණා.

කෙසේ නමුත් සංසන්දනාත්මකව ලෝකය අභිමුව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති පරතරය අනුව ජය – පරාජය විසඳෙද්දී ශ්‍රී ලංකාවේ තත්ත්වය මිට වඩා වෙනස් වන්නට තිබුණා.ඔවුන්ට පරතරය අනුව තිබිය යුතු තත්ත්වයට වඩා පොහොසත් බලපෑමක් එල්ල වීමත් අතපසුවීම් වන්නට බලපෑමක් ඇති කළ බව පිළිගත යුතුයි.ඒ නිසා ශ්‍රී ලංකාවට පෞද්ගලිකව සතුටු වන්නට තිබෙන කාරණය මේ මොහොතේ ඔවුන් ඉලක්කමක් හැටියට සිටින ශ්‍රේණිගත ස්ථානය ඉක්මවා ඉදරියට පැමිණ තිබෙන බව ක්‍රීඩා රටාවෙන් ඔප්පු වීමයි.

විශාලතම පරතරය දකින්නට ලැබුණේ කණ්ඩායම් දෙකේ ඉදරි පෙළට වඩා පසුපෙළ විමසා බලද්දියි.ශ්‍රී ලංකාවේ පසුපෙළට මෙල්ල කිරීමට අපහසු මට්ටමේ වේගවත් පන්දු පාලනයක් සමඟ තායිලන්තය ක්‍රියාත්මක වුණා.එහෙත් ශ්‍රී ලංකාව හැටියට ඔවුන් දැන සිටි සහ බලාපොරොත්තු වුණ සහ අංකයක් හැටියට ශ්‍රී ලංකාවට ඇති ශ්‍රේණිය සැළකිල්ලේදී ඔවුන් බලාපොරොත්තු වූ තරමට වැඩි පීඩනයක් දරා ගන්නට තායිලන්තයට සිඳු වුණා.ඒ පිඩනය ද ඔවුන්ව යම් කළබලකාරී මොහොතකට තල්ලු කළ අතර එක් වරක් සුජාන් දැලෙන් ඉදිරියට පැමිණ තිබියදීත් ගෝලය වෙත පන්දුව යොමු කිරීමට නිසි ඉලක්කය ගැනීමට නොහැකි වීම එයට හේතුවක් ලෙස ගත හැකියි.

මෙහි තරගයේ පරාජය කියන කාරණය වෙන සාධක වලින් වෙනස් කරන්නට බැහැ.එය පරාජයම විය යුතුයි.එහෙත් සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට පීඩනයක් ඇති කරන මට්ටමේ සිටින බව අමතක නොකළ යුතුයි.එසේම මෙය පරිපාලනය විසින් කියවා ගත යුතු ආකාරයක් ගැන ද අදහසක් තිබෙනවා.ඒ අනුව මිත්‍රශිලී තරග හැටියට තරග තෝරා ගැනිමේදි පරාජය කරන්නට හැකි කණ්ඩායම් වෙනුවට තමන්ට පරාජය නොවී සිටින්නට විශාල උත්සාහයක් දැරිය යුතු කණ්ඩායම් තෝරා ගැනීම වැදගත්.

කණ්ඩායමක් හැටියට ශිල්පීය වශයෙන් දක්වන ශක්‍යතාවයන් ඉක්මවා ගිය ක්‍රීඩාවට අවශ්‍යය ජවය,වේගය,පන්දු පාලනය මෙන්ම පන්දු හුවමාරුවේදී තායිලන්තයට වඩා පසුපසින් සිටිය බව ශ්‍රී ලංකා පාපන්දුවේ තාක්ෂණ අංශය තේරුම් ගත යුතුයි.පුහුණුකරුවාට ඉහළ පාපන්දු සංස්කෘතිවල ක්‍රීඩා කර පැමිණෙන ක්‍රීඩකයින් පුහුණුව සඳහා වැඩි වෙහෙසක් දැරීමට වඩා ඇත්තේ දස්කම් කළමණාකරණය කිරීම බව පැහැදිළියි.එහෙත් අද තරගයේදී සියළු අංශවල වේගවත් බව වැඩි කිරීම සඳහා පිට්ටනියෙන් පිටතට කැඳවා ක්‍රීඩකයින් සමඟ සිතිය යුතු බව පැහැදිළියි.දරා ගැනීම සහ වේගය අතර සම්මිහ්‍රණයක් පාපන්දු කණ්ඩායමට එකතු විය යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...