මැතිවරණයට වෙන් කළ මුදල් ලබාදෙන්න බැරි ඇයි ? – සජිත් අගමැතිගෙන් ප්‍රශ්න කරයි

Date:

2023 අයවැයෙන් මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අවස්ථාවක එලෙස වෙන් කළ මුදල් මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පැවැත්වීම රජයේ වගකීම බවත්, එක දිනක රාජ්‍ය වියදම මේ ආකාරයෙන් මැතිවරණය සඳහා යොදා ගැනීම මුදල් නාස්තියක් නොවන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම මුදල් ලබානොදීම වරප්‍රසාද කඩකිරිමක් බවත්, උත්තරීතර අධිකරණය මඟින් ඒ සඳහා නියෝගයක් පවා ලබා දී ඇති අවස්ථාවක, ඊට අනුගතව ක්‍රියා නොකිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මුදල් ලබාදුන් විගස මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය සූදානම්ව ඇති අවස්ථාවක, අදාල මුදල් ප්‍රතිපාදන මුදා නොහරින්නේ කුමන හේතුවක් නිසාදැයි සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...