බස්නාහිර පළාත් මහ ඇමතිවරයා වශයෙන් සිටි සමයේදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටු කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවලට මහාධිකරණය හමුවේ වරදකරුවී අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම වී සිටින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව ගොනුකර ඇති අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
ඒ, එම පෙත්සම ඩී. එන්. සමරකෝන් මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) කැඳවූ අවස්ථාවේදී ය.
ඒ අනුව අභියාචනා පෙත්සම අප්‍රේල් 30 වනදා සහ මැයි 03 වනදා විභාගයට ගැනීමටයි විනිසුරු මඬුල්ල නියම කළේ.
RN

