රජයේ උත්සාහය

Date:

අලුත් අවුරුදු සමය යනු කිසිවකුටත් මඟහැර යා හැකි කාලයක් නොවේ. මේ උත්සව අවස්ථාව පොදු ජනයාගේ ජීවිතය හා තදින් බැඳී පවතී. කුමන ආර්ථික දුෂ්කරතා පැවතිය ද සිරිත් – විරිත් ඉටු කිරීමට සමාජය බැඳී සිටිති. එය සංස්කෘතික අවශ්‍යතාවක් සේ සැලකිය හැකිය. අවුරුදු සමය තුළ ඇඳුම් – පැලඳුම්, කෑම – බීම, ජන ක්‍රීඩා නොඅඩුව පැවතිය යුතුය.

කොවිඩ් උත්සන්න වූ කාලයේ පවා අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට අපේ ජනතාව පෙලඹුණහ. එය වරදක් නොවේ. ජනතාවට තෘප්තිමත් ජීවිතයක් ගතකිරීම සඳහා මෙබඳු සංස්කෘතික උත්සව පැවතිය යුතුය. ඉතිහාසයේ අතිශය දුෂ්කර අවස්ථාවලදී පවා මෙබඳු උත්සව පවත්වා ඇත. එය මෙවර ද අඩුවකින් තොරව පවත්වා ගැනීමට රජය උත්සාහයක නිරත වෙයි.පවත්නා ආර්ථික අර්බුදය දිගුකාලීන හේතු මත නිර්මාණය වූ බව මධ්‍යස්ථ මතධාරින්ගේ පිළිගැනීම වෙයි. ඒ අනුව ආණ්ඩුවකට හෝ පක්ෂයකට හෝ වරද පැටවීම සාධාරණ නැත.

පැවති සෑම ආණ්ඩුවක්ම අර්බුදයේ කොටස්කාරයන් ලෙස සැලකීම වඩාත් නිවැරැදිය. දැන් සිදුවිය යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට පොදු එකඟතාවක් මත ගැටලු විසඳා ගැනීමට ප්‍රයත්න දැරීමය. සර්ව පාක්ෂික සමුළුව ඒ අතින් බලන විට හොඳ අවස්ථාවක් නිර්මාණය කර තිබේ. එහි යෝජනා කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු කළ යුතුව තිබේ.සමස්ත ලෝකයටම අමාරු කාලයක් පැමිණ ඇති බව අප පිළිගත යුතුය. ඒ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තීරණාත්මක අවස්ථාවකට තල්ලු වී ඇති බව ද අප වටහා ගත යුතුය. රජය මේ අවස්ථාවේ බලවත් පීඩනයකට ලක් වී සිටිය ද ජනතාවට දිය යුතු සහන ගැන දැඩි අවධානය යොමු කර තිබේ.

ජනතාවගේ ජීවන බර හා අපහසුතා අප හොඳින් වටහාගෙන ඇතැයි ජනාධිපතිවරයා නිතර කියයි. අර්බුදය විසඳා ගැනීම සඳහා දිගුකාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව රජය කියා සිටී. ඒ අතර පොදු ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට ද රජය උත්සුක වී ඇත. අවුරුදු සමයට පෙර පෝලිම් අවසන් කර වෙළෙඳපොළ හිඟයකින් තොරව පවත්වා ගැනීම රජයේ බලවත් උත්සාහය වී තිබේ.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...