කොරෝනා කාලේ මරණ බයෙන් ගෙයින් එළියට බහින්න බැරුව හිටපු මිනිස්සු අද නිදහසේ සතුටු වෙනවා ඔබ දකින්නට ඇති. හැම තැනම කානිවල්. ඒ හැමතැනම මිනිස්සු පවුල් පිටින් ගිහින් විනෝද වෙති. ඒ වගේම තෙල් හිඟය නිසා සමහරු පීඩා විඳින බවක් පේනවා. ඒකටත් හේතු රාශියක් ඇත. මිනිසුන්ගේ ක්ෂණික කලබලකාරී සිතුවිලි නිසා මෙය උත්සන්න වෙලා කියන එකනම් පැහැදිලිය .ඒ අතර බොරු ප්‍රචාර හතු පිපෙන්න වගේ.මිනිසුන් මුලා කරන පිරිස් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටී .
පෙට්‍රල් වාහන තියෙන අයට එච්චර ගැටලුවක් නැති බවක් පේනවා. නමුත් මිනිසුන් සාමාන්‍ය ලෙස තන දෛනික කටයුතු කරන බවක් නම් දක්නට ඇත.ලෝක වෙළඳපොලේ මිල ඉහළ යන ආනයනික භාණ්ඩ මිල වැඩි වීම නිසා සමහරුන්ට පිටරට චීස් බටර් පාන් කන්න ටිකක් අමාරු වෙලා තිබුණද ඒවායේ මිල කවදත් අනෙක් භාණ්ඩ හා සසඳද්දී සෑම විටම ඉහළ මිලක් ගත්ත. නමුත් ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය පෙර සේම ඉදිරියට යනවා.
අපනයන ආදායම එන්න එන්න වැඩි වෙමින් ඇත
2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි.ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි.
එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි.2021 වසරේ මාස 8 ක් තුල දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.
එතෙක් බඳ පටිය තද කර පරිස්සමෙන් ගෝඨා සමඟ ඉදිරියටම යමු. මේ සටනත් අපි දිනනවා! ඒක ස්ථිරයි ….
රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article