ගුවන් යානයක් කඩාවැටීම : ඇමති බිමල් එකක් කියයි, ගුවන් හමුදාව වෙන එකක් කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානාවක් වාරියපොල ප්‍රදේශයට පසුගිය 21 වනදා කඩාවැටුණු අතර ඊට හේතුව එහි නියමුවන්ගේ අත්වැරදීමක් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය ඉරිදා (23) ප්‍රකාශ කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධ වාර්තාව තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ගෙන්වා ගත් බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා ඊයේ (25) ප්‍රකාශ කළේ එම ගුවන් යානය කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවකි.

මෙම අනතුර සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් පත් කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව මේ දක්වා නිකුත් කර නොමැති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...