විදුලිබල ඇමතිගේ ගමට දින හතරක් තිස්සේ විදුලිය නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉංගිරිය අවට ප්‍රදේශවල කිලෝමීටර් 4ක පමණ දුර ප්‍රමාණයකට දින 4ක් තිස්සේ විදුලිය ඇණහිටීමෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

ඉංගිරිය – රයිගම්වත්ත ප්‍රදේශය හරහා පසුගියදා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කිහිපයක් අධිබල විදුලි රැහැන් මතට කඩා වැටී විදුලි කණු තුනක් ද බිඳ වැටීමත් සමග ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබේ.

පසුගිය 22 වනදා සිදුවූ මෙම අනතුරින් හඳපාන්ගොඩ, මහ ඉංගිරිය, රයිගම්වත්ත, ඉමගිර, මැරේකන්ද ඇතුළු ප්‍රදේශවලට දින 4ක් තිස්සේ විදුලිය නොමැති වී ඇත.

විදුලිබල මණ්ඩලය දින 4ක් තිස්සේ විදුලි කණු තුන සිටවමින් සිටින අතර මේ දක්වාම විදුලි සැපයුම යථාවත් කිරීමට ඔවුන් අපොහොසත්ව ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

විදුලිය නොමැති වීම හේතුවෙන් ස්වයං රැකියාවල නියුතු පිරිස් සහ වෙළඳසැල් හිමියන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ශීතකරණවල ගබඩා කර තිබුණු ආහාර ද්‍රව්‍ය නරක් වී ඇති බවත් ඔවුහු පවසති.

එමෙන්ම මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ද කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කිරීමට සිදුව තිබේ.

විදුලිබල විෂයය භාර අමාත්‍යවරයාගේ ගම ද හඳපාන්ගොඩ බවත් ප්‍රදේශවාසීහු චෝදනා මුඛයෙන් පෙන්වා දුන්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...