විසල් වගා ළිඳක් කපා එයට පැන නාමින් සිටින ආණ්ඩුව ?

Date:

ආණ්ඩුවේ සහෝදරවරුන් විපක්ෂයේ සිට ජයග්‍රාහී මැතිවරණ සටන මෙහෙයවද්දී නිතර කියූ කරුණු දෙකකි.

  1. තමන් බලයට ආ පසු රට වෙනුවෙන් මුදල් (ඩොලර්) එවන්නට සූදානම් විදෙස් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින බව
  2. තමන් සමග එකතුව රට ගොඩනගන්නට සූදානම් බුද්ධිමතුන් විශාල පිරිසක් සිටින බව

මේ කතාවන් විවිධ පිරිස් හී විවේචනයට සහ විහිළුවට හේතු වුවද එය අසත්‍යයක් නොවේ.

විවිධාකාරයේ ආයෝජනයන් ඇතුළුව විවිධ අංශ වෙත ආයෝජනය සඳහා සූදානම් බොහෝ පිරිස් සැබැවින්ම සිටිති. ඒ අතර නිලතල හෝ වැටුප් නොගෙන උපදේශාත්මක සේවා ඇතුළුව විවිධාකාරයෙන් සිය දැනුම සපයන්නට සූදානම් පිරිස්ද වෙති.

එහෙත් බලය ලැබ මාස ගණනක් වුවද මේ සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට ආණ්ඩුවට තවම වැඩ පිළිවෙළක් නැත.

ආණ්ඩුව එන්නටත් පෙර මේ සම්පත් පිළිබඳ දත්ත රැස්කරගෙන සිටිය යුතුව තිබිණි. එහෙත් එවැන්නක් ගැන දැනගන්නට නැත. එවැන්නක් තිබුණා නම් ආයතන යළි පනගැන්වීමේදී බොහෝ අඩුපාඩු මගහරවාගත හැකිව තිබුණි.

මේ අපට පෙනෙන චිත්‍රයයි.

ජාජබ ය බොහෝ වෙහෙසව විසල් වගා ළිඳක් කැපුවේය. දැන් එහි ඇති පදම් ජලය තිබේ. කල යුතුව ඇත්තේ ඇවැසි වාරි පද්ධති තනා පසට ජලය සපයා අස්වනු සරු කිරීමයි. එහෙත් විටින් විට සිදුවනුයේ ඒ වෙනුවට ඔවුන් ළිඳට පැන නෑම යි.

ඒ නාන නෑම ගැන විවේචන එල්ලවනවිට පිරිසක් කරනුයේ ඔවුන්ගේ මඩ සෝදන්නට තැත් කිරීමය. විය යුත්තේ ඔවුන්හට වගා ලිඳ කැපීමේ අරමුණ යලි පැහැදිලි කිරීම බව අපේ අදහසයි.

ජනතාව තමන්හට වෙනස් ජනතාවක් විය හැකිබව පෙන්වා හමාරය.

බෝලය ඇත්තේ ආණ්ඩුව පැත්තේය ….

~ චූලානන්ද සමරනායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...