බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ

Date:

කොළඹ LNW:බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඊයේ (25) දකුණු චීනයේ Hainan පළාතේදී ආරම්භ වුණා. රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි දෙස්-විදෙස් නියෝජිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සමුළුවට එක්ව සිටිනවා.

මෙවර එහි තේමාව “ගෝලීය විපර්යාස හමුවේ ආසියාවට අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” යන්නයි.

අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව, එකමුතුවෙන් සහ සහයෝගයෙන් කටයුතු කරමින් දුෂ්කරතා ජය ගැනීමේ ප්‍රබල සංඥාවක් මෙවර වාර්ෂික සමුළුව හරහා ජගත් ප්‍රජාව වෙත ලබා දීමට බලාපොරොත්තු වන බව බෝ ආඕ ආසියානු සංසදයේ මහා ලේකම් Zhang Jun මහතා මාධ්‍ය හමුවේදී පැවසුවා.

එමෙන්ම “ආසියාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ඒකීයකරණ ක්‍රියාවලිය පිළිබඳ 2025 වාර්ෂික වාර්තාව” සහ “දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ආසියාවේ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ 2025 වාර්ෂික වාර්තාව” යන වැදගත් වාර්තා දෙකක් ද මෙම මාධ්‍ය හමුවේදී නිකුත් කෙරුණා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටී සිදුවූ අනතුරින් එක් සිසුවකුට බරපතළයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා...

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...