නයිට් ක්ලබ් සිද්ධියට භාරවූ සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට. විමර්ශනයට ඉහළින් බලපෑම් ?

Date:

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් පසුගියදා කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ඇතිකරගත් ගැටුමට අදාළව පොලීසියට භාරවූ සැකකරුවන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

අද (26) පෙරවරුවේ භාර වූ ඔවුන් පිළිබඳ විමර්ශන කටයුතු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන බව සඳහන්.

සැකකරුවන් සිව්දෙනා අද දිනයේදී රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ඉහළින් යම් බලපෑමක් එල්ල වන බවත් ආරංචිමාර්ග පවසයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය ඊයේ (25) දිනයේදී පැය තුනක පමණ කාලයක් යෝෂිත රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මීට යෝෂිත රාජපක්ෂ ද සම්බන්ධ බවට කරුණු ගැලපීමටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන ආකාරයට විමර්ශන සිදුකිරීමටත් ඉහළින් බලපෑම් එල්ල වී ඇති බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්ව තිබුණු අතර ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...