නිශ්මං රණසිංහ ,මාර්තු 26, කොළඹ LNW:
ශ්රී ලංකා බේස්බෝල් පරිපාලනයේ අකාර්යක්ෂමතාවය ගැන, අවිධිමත්කම ගැන විශාල කතාවක් කියන්නේ එහි ප්රධාන විධායක නිලධාරී තීක්ෂණ ගම්මන්පිල ය.එහි දී නිලධාරීන් විදේශ සංචාරවලදි සිය පවුල් ක්රීඩකයන්ට ඇති කාමරවල රඳවා ගැනීම වගේම කාලයක් තිස්සේ බේස්බෝල් විද්යුත් ලිපිනයෙන් යවන ලද ලිපි මකා දමා තිබීම වැනි වෘත්තිමය නොවන ක්රියාකාරකම් ද ඒ අතරට වැටෙයි.මේ තත්ත්වයට කිව හැක්කේ දූෂිතයි කියා නම් ඒ දූෂිත තත්ත්වයට අකාර්යක්ෂමතාවය එකතු වෙන්නේ ඉකුත් වසරේ කිසිඳු දේශිය තරගාවලියක් පැවත්වීමට අපොහොසත් වූ අතර ගිය ඉරාන සංචාරයද ක්රීඩකයන් අතින් වියදම් කරගෙන ගිය එකකි.එයට ඇමති හිතවත්කමෙන් උපකාර ගැනීමට වැඩි බරක් නොදැම්මේ ඊට වඩා දෙයක් බේස්බෝල් ප්රධානියාට ඇහතිවරයාගෙන් නෙලා ගන්නට තිබෙන නිසා විය යුතුය.
ඒ අනුව දැන් බේස්බෝල් වැඩත් නොකෙරෙන තියෙන දේ ද දූෂිතව පාලනය වන තැනකට පත්ව ඇත.නිලධාරි ඒ ආකාරයට හැසිරෙන්නේ තමන්ට උඩින් ඉන්න නිලධාරියාට වෙනත් ක්රීඩාවකදී ඇති චෝදනා ජාත්යන්තර වශයෙන් ඔප්පු වි,ශ්රී ලංකාවට පවුම් දහස් ගණනින් දඩ ගැසුවද ලංකාවේ ක්රීඩා ලොක්කන් ඒ සම්බන්ධයෙන් කිසිඳු තීන්දුවක් ඔහුට විරුද්ධව ගෙන නැති නිසා බව මේ වන විට බේස්බෝල් කේෂ්ත්රය පමණක් නොව වෙනත් ක්රීඩා කේෂ්ත්රද කතා වෙමින් පවත්වා ඇත.
‘ලොක්කට එයා කරලා නෝන්ඩි වෙලා තියෙන දේවල්වල හැටියට අනිත් අයට මොකුත් කියන්න බැහැ.ඒ වගේම ලොක්ක ඉන්න ක්රීඩාවට ඇමතිතුමා මොකුත් කරන්නෙත් නැහැ.පාර්ලිමේන්තුවෙදි නාමල්ට පොඩි සවුත්තුවක් දැම්ම ඇරෙන්න දැන් සියල්ල බැලන්ස්.පවුම් දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් දඩ ගැහුවත් ඇමති ෂේප්.ක්රීඩා දහයක ෆෙල්වෙලා වැරදිලා තිබුණත් ඒවට ඇක්ෂන් ගන්නෙ නැතුව පොරව ඔලිම්පික් පුටුවෙත් ඉන්දලා තමයි ඇමති නවතින්නෙ.‘
මේ කතාව ටොරිංටන් පිටියේ ඇඳුණ තැන ක්රීඩාව හා සබැඳි චරිතයක් පැවසුවේ එසේය.ක්රිඩා අමාත්යවරයා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය නිරීක්ෂණය කරමින් මාධ්ය හමුවේ කරුණු දක්වමින් මහින්ද රාජපක්ෂ ක්රීඩා පදනම ගැන පැවසූ දේ හොඳ හැටි මතකය.එහි නිලධාරි මණ්ඩලය ගැන ද පත්රිකාවක් බෙදා දුන්නේය.එහෙත් කාලයක් ගෙවෙන තැන එහි නම තිබූ අය අමාත්යවරයා සමග මේ රටේ රගර් විප්ලවයට සූදානම්ව සිටින බවට ඡායාරූප පළවිය.
ශ්රී ලංකාවේ නීතිය මඟින් පවුම් දහස් ගණනින් දඩ වඳින වැඩ කළ ද ඔහුට එරෙහිව කිසිඳු වාරනයක්,තහනමක් නොව පරීක්ෂණයක් ද කර නැත.ඒ වරදට වන දඩය පියවීමට කටයුතු කර ඇත්තේ ද ක්රීඩාව සඳහා ගලා එන ජාත්යන්තර අරමුදලෙන්ය.ශ්රී ලාංකේය ජාතික ගීය ගයමින්,ජාතික ධජය ලෙලවමින් වෙනත් රටක ක්රීඩකයෙකු ලාංකිකයෙකු ලෙස ඉදිරිපත් කිරිම ජාත්යන්තර වරදකි.ඒ වරදට නායකත්වය දීම පමණක් තවමත් ශ්රී ලංකාවේ කිසිඳු නීතියකින් වරදක් වී නැති අතර එසේ කළ පුද්ගලයාට ජාත්යන්තර මට්ටමෙන් වගකීම් ලබන්නට මෙන්ම,ලංකාවේ වෙනත් ක්රීඩාවලටද අත පොවා විනාශ කරන්නට ඉඩ දී නිහඩව බලා සිටින තත්ත්වයක් උද්ගත වී ඇත.
දේශපාලකයන් සහ ව්යාපාරිකයන් අතර තියෙන යාළුකම පක්ෂවල පාට එක්ක වෙනස් වෙයි කියලා හිතනවද?
ටොරිංටනයේ මිත්රයා අහන ලද ප්රශ්නය දෝංකාර දෙන්නේය.ක්රීඩා අමාත්යවරයා ලංකාවේ ආර්ථිකය ලංකා පුවත්පතේ පිටු අතර එලුවේ ඒවා වෙනස් විය යුතු දිශානතියද ගෙන හැරි පාමින්ය.ඒ පත්තරේම මම ක්රීඩා පිටුවට ලිව්වේ ද ලංකාවේ ක්රීඩා සංස්කෘතිය වෙනස්විය යුතු බවය.අප තවමත් ඒ අදහසේම සිටියද එක පත්තරේ පිටුවලට බෙදී තිබුණු නම් අතර පැවති නමක් ලංකාවේ ක්රීඩා ඇමතිගේ නම හැටියට තිබියදී තවමත් ක්රීඩාව ගැන ලංකා පුවත්පතට ලියූ අවශ්යය වෙනස්කම් කිසිවක් සිඳු නොවී පවතින්නේය.අප මිතුරන් නොවන බව දුටු සහ එසේ සිතන්නට හේතු වූ කරුණුවලට දායක වී පිරිස් මේ වන විටත් නිරුපද්රිතව ක්රීඩා අමාත්යවරයාගේ සමීපතමයන් වී සිටියි.
ඒවා ඒ කාලෙ දේවල් කියන දේ පසුගිය කාලයේ ද ඇමතිවරු කියූ ප්රශ්නවලින් මග හැරි ගිය සහ සාධාරණය වසා දැමූ හේතු පාඨයය.දැනුත් එහෙමද? ඒ ප්රශ්නය තවත් විදිහකින් මෙසේ ඇසිය හැකිය.
සිඳුවීම කවදා වූවාද නොදන්නවා විය හැකිය.හැබැයි ඉතාම පැහැදීළිව ජාත්යන්තර සංගමයෙන් පවුම් දහස් ගණනක දඩයක් ගසා ඇත.ඒ මොහොතේ එහි ප්රධානියා බව කියන්නටද සාක්ෂි ඇත.එහෙමනම් ඒ නායකත්වය ජාතික වගකීමක් දරන්නට සුදුසු නැති බව කියන්නට තවමත් දිව නොනැමෙන්නේ ඇයි? අඩුම තරමේ මෙතරම් පැහැදිළි සාක්ෂි ජාත්යන්තර වශයෙන් තිබියදී පරීක්ෂණයක් නොකරන්නේ මන්ද? එසේ දඩුවමක් නොදීම හේතුවෙන් මේ වන විට තවත් ක්රිඩාවක් සිය නායකත්වය යටතේ මල ක්රීඩාවක් බවට පත් කරමින් තිබෙන බව දැක දැකත්,දැන දැනත් අර ටොරිංටනයට පාත් වූ ව්යායාම හිතවතා කියූ පරිදි ඇත්තටම අමාත්යවරයා මේ ආකාරයේ අදහසකින් හැසිරෙමින් සිටියිද?
‘ක්රීඩා දහයක ෆේල්වෙලා වැරදිලා තිබුණත් ඒවට ඇක්ෂන් ගන්නෙ නැතුව පොරව ඔලිම්පික් පුටුවෙත් ඉන්දලා තමයි ඇමති නවතින්නෙ.‘
අප සුනිලුන් කෙතරම් සුනිලදැයි බලා සිටිමු.





