සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද අත්අඩංගුවේ සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ එක්සත් ජනපදයට කොකේන් ප්‍රවාහනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධ චෝදනා මත නැවතත් මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වේ.
එක්සත් ජනපද හමුදාව විසින් ජනවාරි 3 වන දින කැරකස් වෙත එල්ල කරන ලද හදිසි ප්‍රහාරයත් සමඟ අත්අඩංගුවට ගැනුණු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ඇති අතර චෝදනා පත්‍රවල සඳහන් වන්නේ මධුරෝ දූෂිත, නීති විරෝධී රජයක් මෙහෙයවූ බවත්, එය දශක ගණනාවක් තිස්සේ රජයේ බලය භාවිතා කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට යොදා ගත් බවත්ය.
ඇමරිකානු නීතිය “ත්‍රස්තවාදය” ලෙස සලකන ක්‍රියාකාරකම් සඳහා මුදල් සපයන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගැනීම සඳහා කොංග්‍රසය වසර 20 කට පෙර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදී ප්රඥප්තිය නිර්මාණය කළ අතර එතැන් සිට, මදුරෝ ඇතුළු පුද්ගලයින් 83 දෙනෙකුට එය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
63 හැවිරිදි මධුරෝ සහ 69 හැවිරිදි ෆ්ලෝරස් තවමත් බෘක්ලින්හි රැඳවුම් මධ්‍යස්ථානයක සිරගතව සිටින අතර ඔවුන් ඇමරිකානු නඩු පවරන්නන් විසින් කරන ලබන සියලුම චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇතිමුත් තවමත් ඇප ඉල්ලා නොමැත.

