2025 වසරේ ලෝකයේ වායු දූෂණය වැඩිම රට බවට පකිස්ථානය පත්වේ

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
2025 වර්ෂයේ ලෝකයේ වායු දුෂණය වැඩිම රට බවට පකිස්ථානය පත්ව තිබේ.

ස්විට්සර්ලන්ත වායු තත්ත්ව නිරීක්ෂණ සමාගමක් වන IQAir විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවන්ට අනුව, එරට PM2.5 මට්ටමට WHO නිර්දේශයට වඩා 13 ගුණයකින් වැඩි බව වාර්තා වේ.

සෞඛ්‍ය සම්පන්න වාතයේ ගුණාත්මකභාවය සඳහා වන WHO ප්‍රමිතිය ඝන මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 5 කට වඩා නොඉක්මවන සාමාන්‍ය PM2.5 වේ. පකිස්ථානයේ එය PM2.5 මට්ටම මයික්‍රෝ ග්‍රෑම් 67.3 කි.

IQAir ආයතනය විසින් රටවල්, කලාප සහ ප්‍රදේශ 143 ක නගර 9,446ක් අධ්‍යනයට බදුන් කර ඇති අතර ප්‍රමිතිය පදනම් වී ඇත්තේ විෂ්කම්භය මයික්‍රෝන 2.5 ක් හෝ ඊට අඩු වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය මැනීම මත ය.

PM2.5 නොමේරූ දරු උපත් සඳහා ප්‍රධාන දායකයෙකු ලෙස සලකනු ලබන අතර දිගුකාලීන නිරාවරණය ඩිමෙන්ශියාව, පාකින්සන් රෝගය සහ ඇල්සයිමර් රෝගය ඇතුළු ස්නායු පරිහානීය තත්වයන් සඳහා ඉහළ සම්භාවිතාවක් සමඟ සම්බන්ධ වී ඇත.

IQAir හි වඩාත්ම දූෂිත රටවල් ලැයිස්තුවේ බංග්ලාදේශය සහ ටජිකිස්තානය දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගෙන ඇති අතර ලොව ඉහළම දූෂිත නගර 25ම චීනය, ඉන්දියාව සහ පකිස්ථානයේ ඇති බව වාර්තාවේ සඳහන් වේ.

මිට අමතරව ලොව දුෂිතම නගරය වශයෙන් උතුරු ඉන්දියාවේ ලෝනි නගරය හඳුනාගෙන ඇති අතර එහි සාමාන්‍ය PM2.5 මට්ටම් ඝන මීටරයකට මයික්‍රෝග්‍රෑම් 112.5 කි. වයඹදිග චීනයේ ෂින්ජියැං කලාපයේ හොටන් නගරය මයික්‍රෝග්‍රෑම් 109.6 ක මට්ටම් සමඟ දෙවන ස්ථානයට පත්ව ඇත.