මැතිවරණයටත් බය මේ පාලකයින් රට ගොඩනගයි කියලා විශ්වාස කරන්න බැහැ – සජිත් (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව විසින් මැතිවරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන්න විශාල කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් ඒ යටතේ මැතිවරණය වෙනුවෙන් වෙන් කළ මුදල් ලබා නොදීම හා අධිකරණයේ විනිසුරුවන් විවේචනය සහ චරිත ඝාතනය කරමින් බිය වද්දවන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

රටේ ජනතාව බඩගින්න වෙනුවෙන් මහ පාරට බහින කොට රාජ්‍ය මිලේච්ඡත්වය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ඉවසා සිටින නොහැකි බවත් මේ ඒකාධිපතීත්වය දිහා බලාගෙන කරබාගෙන සිටිය නොහැකි බවත් එබැවින් සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන මේ දුර්දාන්ත, ඒකාධිපති ආඥාදායක රාජ්‍ය ත්‍රස්තවාදය පළවා හැරීමට මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී වීදී සටනකට එක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බොරැල්ල කුප්පියාවත්තේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පිරිස් බලයට, ජන බලයට, පොදු ජනතාව අතරට යෑමට සහ මැතිවරණයට බය බවත් මැතිවරණයක් තිබුණහොත් ඔවුන් අන්ත පරාජයට පත්වන බව දන්නා නිසා මැතිවරණය කල්දමමින් සිටටින බවත් මේ බියගුලු, නිවට, කොන්ද පන නැති නායකත්වය, මැතිවරණයට මුහුණ දෙන්න බය නායකත්වය කෙසේද රටක් ගොඩ නගන්නේ කියා තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....