මැතිවරණයටත් බය මේ පාලකයින් රට ගොඩනගයි කියලා විශ්වාස කරන්න බැහැ – සජිත් (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව විසින් මැතිවරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන්න විශාල කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවත් ඒ යටතේ මැතිවරණය වෙනුවෙන් වෙන් කළ මුදල් ලබා නොදීම හා අධිකරණයේ විනිසුරුවන් විවේචනය සහ චරිත ඝාතනය කරමින් බිය වද්දවන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

රටේ ජනතාව බඩගින්න වෙනුවෙන් මහ පාරට බහින කොට රාජ්‍ය මිලේච්ඡත්වය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ඉවසා සිටින නොහැකි බවත් මේ ඒකාධිපතීත්වය දිහා බලාගෙන කරබාගෙන සිටිය නොහැකි බවත් එබැවින් සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන මේ දුර්දාන්ත, ඒකාධිපති ආඥාදායක රාජ්‍ය ත්‍රස්තවාදය පළවා හැරීමට මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී වීදී සටනකට එක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බොරැල්ල කුප්පියාවත්තේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පිරිස් බලයට, ජන බලයට, පොදු ජනතාව අතරට යෑමට සහ මැතිවරණයට බය බවත් මැතිවරණයක් තිබුණහොත් ඔවුන් අන්ත පරාජයට පත්වන බව දන්නා නිසා මැතිවරණය කල්දමමින් සිටටින බවත් මේ බියගුලු, නිවට, කොන්ද පන නැති නායකත්වය, මැතිවරණයට මුහුණ දෙන්න බය නායකත්වය කෙසේද රටක් ගොඩ නගන්නේ කියා තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...