නූතන අර්බූදය හමුවේ ආන්ඩුවට අන් කල හැකි දෙයක් නොමැතිවූ කල අවසානයේ කෙසේහෝ මුළ්‍ය අරමුදලේ සහය ලබාගෙන ඇත. ඒත් සමඟම අයි.එම්.එෆ්.විරෝධීන්ද සුපුරුදු පරිදි දුම්මල වරම අතට ගෙන ඇතිබවද පෙනෙන්නට තිබේ. චීනය වැනි ගිනිපොලී ණය මූලාශ්‍ර වලින් ණය ලබාගැනීමේදී කරළියට නොඑන නමුත් බටහිර ණය මූලාශ්‍ර වලින් ණය ලබාගැනීමේදී කරළියට එන මේ විලම්බීත විරෝධයේ විබවයන් මොනවාද යන්න විශ්ලේෂණය කිරීමට මේ ලිපිය හරහා මම උත්සාහ කරමි.
මෙහිදී අන්තර් ජාතික මුල්‍ය අරමුදල සම්බන්දව පවතින විරෝධයේ පසුපස පවතින්නේද මුළ්‍ය අරමුදල යනු ලංකාවට එරෙහිව නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බටහිර කුමන්ත්‍රණ වැලක ඒජන්ත බූමිකාව ඉටුකරන කූඨ ආයාතනයක් ලෙස සලකාය. මෙහි මූලය ඇත්තෙ ලංකාව යනු ලෝකයේ සුවිශේෂී බූමියක්ය යන මතය සහ මෙහි වෙසෙන ජනයා ඓතිහාසික පරමාදර්ශී සමාජ කොඨ්ටාසයක් යැයි සිතන පුස් ස්වෞත්තමවාදී විකාර ප්‍රවාදය තුලය.
එකී ස්වෞත්තම වාදයට අනුව බටහිරයන් යනු හැම පැත්තෙන්ම සිංහලයන් තරම් යහපත් නොවූ සහ සිංහලයන්ට අයත් දෑ කොල්ලාකාගෙන සහ සිංහලයන්ගේ ඉපැරැණි දැනීම හොරකම් කරගෙන දියුණුවූ මෙන්ම වැසිකිලි යාමෙන් පසු පසුචාත් බාගය පවා නොසෝදන අසංස්කෘතික කපටි ප්‍රජාවකි. එබැවින් ඔවුන්ව විස්වාස කිරීම පවා නොහොඹිනා කටයුත්තකි. නමුත් යථාර්ථයට අනුව ගත්කල බටහිර ජාතීන් ලංකාවට පැමිනීමට පෙර ලංකාව යනු වසර දහස්ගානක් තිස්සේ වැඩවසම් ප්‍රාථමික ආර්ථික ව්‍යුහයක් තුල එක තැන මිදී තිබුන රටක් වන අතර එකී ව්‍යුහය ඓතිහාසික ලෙස පුපුරවා හැරුනේ එය බටහිර ආක්‍රමණයට හසුවීමෙන් අනතුරුවය.
මෙය සිදුවූයේ කාර්මික විප්ලවය තුලින් බිහිවූ බටහිර මහා ධනවාදය දේශදේශාන්තර හරහා ගොස් මහ්ද්වීප පිටින්ම අල්ලාගනිමින් සහ ඒවායෙන් ධනවාදයේ යෝධ නිශ්පාදනය සඳහාඅවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගනිමින්ද එමෙන්ම ඔවුන්ගේ දැවැන්ත නිශ්පාදනය බෙදාහැරීම සඳහා අවශ්‍ය වෙළඳපොලවල් පිහිටුවමින්ද ලෝකය වටා දේශාඨනයේ යෙදීමේ අතුරුපලයක් ලෙසින්ය. ඇත්තෙන්ම එය ලෝක සමාජ සංවර්ධනයට අදාල අනිවාරනීය සහ අති දැවැන්ත ඓතිහාසික ක්‍රියාවලියක් වූවාක් මෙන්ම එය ආපිට හැරවීම හෝ නැවැත්වීම මිහිපිට ඇති කිසිම ජගතෙකුට කල නොහැක්කි.
මෙහිදී බටහිර ජාතීන් ආසියාවට පැමිනියේ එහි තිබූ දැවැන්ත ඉන්දියානු බූමිය ඉලක්ක කරගනිමින්ය. හේතුව එහි පිහිටුවිය හැකි දැවැන්ත ධනේශ්වර වෙළඳපොල සහ මහා ඉන්දියානු බූමියෙන් ලබාගත හැකි ප්‍රාග්ධන අමුද්‍රව්‍ය ගැන ඔවුන් ම්නාව අවබෝධ කරගෙන සිටි බැවිනි. මෙහිදී බටහිර ජාතීන් ලංකාවට පැමිණියේ ඉන්දියානු අර්ධද්වීපය යටින් පිහිටි ලංකාව නැමති කුඩා දූපත ඔවුන්ගේ යුධ ප්‍රතිවාදීන් විසින් අත්පත් කරගතහොත් එකි අත්පත් කරගැනීම ඔවුන්ගේ ප්‍රධාන යටත් විජිතය වූ ඉන්දියානු මහා බූමියේ ආරක්ෂාවට ගැඨළුවක් වන හෙයින්.
ඒ අනුව ලංකාව බටහිරයන්ට වැදගත් වූයේ ඉන්දියාව ඔවුන් සතුව තිබෙන තාක්කල් පමණක් විය. මෙහිදී බටහිර ජාතීන්ට ලංකාව යනු ඉන්දියානු මහා යටත් විජිතයේ ආරක්ෂාවට බලපාන එසේම ලාබදායී නොවන පාඩු ලබන කුඩා යටත් විජිතයක් වන්නට ඇත. ඒ අනුව ඔවුන් ලංකාව අල්ලාගෙන සිටි කාලවකවානුව තුල ලංකාව යනු ඉන්දීය යටත් විජිතයේ ලාබ වලින් පාඩුපිට නඩත්තුකරගෙන ගිය කුඩා යටත් විජිතයක් පමණක් වන්නට ඇත.
ආචාර්ය පෝල් ඊ පීරිස් විසින් ලියන ලද ලේඛණයක්ට අනුව එවකට ඉන්දියාවේ සිටි යටත් විජිත ලේඛම් සහ ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආන්ඩුකාරවරයා අතර උඩ රටට හමුදා යැවීම සම්බන්දව දෙදෙනා හුවමාරුකල ලිපිවල ලංකාව සඳහා දරණ පියවා ගත නොහැකි අධික පිරිවැය ගැන දීර්ඝ වශයෙන් සඳහන්ව තිබී ඇත.
බටහිර ජාතීන් ඉන්දියාව අතහැර දමා යෑමට තීරණය කල පසු ඉන්දියාවට කලින් ලංකාව අතහැර දැම්මේද ඉන්දියානු බූමිය අතහැර දමාගිය පසු ලංකාව නැමති පලක් නැති කුඩා දූපත ඔවුන්ට තවදුරත් අවශ්‍ය තැනක් නොවූ නිසා විය හැකිය. ඒ අනුව බටහිරයන් ලංකා බූමිය මත දරණ ලද අති දැවැන්ත වියඳම ඔවුන් මෙහි සිටි කෙටි කාල සීමාව තුලදී නැවත ඔවුන්ට ලබාගත නොහැකිවූ අතර අද පවා අපි පරිබෝජනය කරන බොහෝ යටි තල පහසුකම් යනු මීට සියවසකට පමණ පෙර ඔවුන් විසින් නිර්මාණය කරදී අතහැර දමා ගිය දේවල්ය.
නමුත් අන්දබූත ජාතිකවාදීන්ට අනුව දුටුගැමුණු පැරකුම් රජ දවස සිට ජය පිට ජය කෙහෙලි නැංවූ ප්‍රෞඩ ඉතිහාසය අපට අහිමි කලේ බටහිර ආක්‍රමනිකයා විසිනි. එසේම මේ ජාතිකවාදී පිස්සන්ට අනුව මුළු ලෝකයම යටත් කරගත් බ්‍රිතාන්‍ය හමුදාවට උඩරට යටත් කරගැනීමට හා පවත්වාගෙන යෑමට ඓතිහාසික සටනක් කිරීමට සිදුව ඇත. ඔවුන්ට අනුව උඩරට සිංහල ප්‍රබූවරු කැමැත්තෙන්ම සුද්දන්ට උඩරට ලබා නොදෙන්නට සුද්දන්ට කිසිදා උඩරට පින් බිම අල්ලාගන්නට නොහැකිවන්නට තිබින.
ඇත්තෙන්ම මේ විකාර ප්‍රවාද වල මෝඩ චූන් වලට වැඩි දෙයක් නොමැත.
සියවසේ නවීන අවි ආයුධ රැගෙන ලෝකයම දිග් විජය කල හමුදවකට දුනු ඊතල ගත් කුඩා වැඩවසම් කන්ඩායමක් සමඟ ඓතිහාසික සටනක් තිබිය හැකිද ? විශේෂයෙන්ම වර්ග සැතපුම් කීපයක කුඩා බූමියක් අල්ලා ගැනීමට හැම දේකම ලාබ පාඩු ගනන් හදන ධනවාදය විසින් එවැන් ඓතිහාසික පිරිවැයක් දරයිද ..?
රාජ නියෝග වලට අනුව මිනිසුන්ගේ අත පය කපා දැමූ, මිනිසුන්ව අඳෝමුඛයෙන් ඇතුලුවූ උල හිස් මුදුනෙන් මතුවෙන සේ උලතැබූ, මිනිසුන් අලින් ලවා චප්පකර දැමූ අති ම්ලේච්ඡ අවනීතියක් වෙනුවට යම් පමණකට හෝ සබ්‍ය නීතිපද්දතියක් අපට හමුවන්නේද සහ නූගත් දෙමාපියන්ගෙන් ඉගෙනගත් දෙයක් හැර වෙනත් කිසිදු අධ්‍යාපනයක් නොලැබූ සාමාන්‍ය ලාංකික වැසියාට පාසල් පද්දතියක් හරහා යම් ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබුනේද ධනවාදයේ ඓතිහාසික ආක්‍රමණය සමඟය.
සියළු ප්‍රබූ තානාන්තර සහ වහල්කම පරවේණියෙන්ම උරුමවූ වැඩවසම් අසභ්‍යත්වයක් වෙනුවට අපට ශිෂ්ඨ සිවිල් දේශපාලන ව්‍යුහයක් ලැබුනේද ආක්‍රමනිකයාගෙන්ය. ආක්‍රමණයක් යනු කිසිදු ලෙසකින්වත් යහපත් දෙයක් නොවන බව සැබැවි. නමුත් ඉහත ආක්‍රමණ හරහා අපට නැතිවූ දෙයක් නැති අතර ලැබුන දේ බොහෝය. එහිදී අපට අහිමිවූයේ යුග යුග ගනන් එක තැන මිදී දුර්ගන්දය හැමූ වැඩවසම් අශිෂ්ඨත්වය පමණි.
මෙහිදී “බටහිර ධනවාදීන් විසින් තුන්තිස් පැය නිදි වරාගෙන ලංකාව ගිලගැනීම සඳහා කුමන්ත්‍රණය කරමින් සිටී” යන බය බිරාන්තය උපත ලබන්නේද අපේම ඇතුලත ඇති ගෝත්‍රික ලක්ෂයකින්ය. උදාහරණයක් ලෙස :- ලොව වෙසෙන ඕනෑම ආදීවාසී ප්‍රජාවක් උත්සාහ කරන්නේ දියුණු ලෝකය සමඟ මිශ්‍ර නොවී සහ දියුණු ලෝකයෙන් හැකිතාක් හුදෙකලාවී ස්ව ගෝත්‍ර අනන්‍යතාවය බේරාගැනීමටය. එහිදී ඔවුන්‍ට පිටත දියුණු ලෝකයේ ඇති සියල්ල දර්ශනය වන්නේ ස්වකීය අනන්‍යතාවය විනාශ කිරීමට සැදී පැහැදී සිටින සතුරු බලවේග ප්‍රවර්ගයන් ලෙසිනි.
ලංකාව තුල එදා සිට අද දක්වාම ඇවිළුන සියළු දේශප්‍රේමී, දේශහිතෛශී, බටහිර විරෝධී සියළු ප්‍රවාහයන් වලට ජවය දුන් ප්‍රබවය වූයේ මෙකී වෛශයික ගෝත්‍ර අස්තානයයි.
මේ මොහොතේ පවා රටේ ආර්ථිකය බින්දුවටම සිඳී සියල්ල සුනුවිසුනුව ගොස් ඇති තත්වයකදි යාමට ඇති එකම තැනවූ මුල්‍ය අරමුදල වෙත කවුරුන් හෝ යනවිට ඒ පසුපස සිටින අධිරාජ්‍යවාදී බිල්ලෙක් පෙන්වන ජාතිකවාදීන්ගේ කුමන්ත්‍රණ ෆෝබියාවේ ඓතිහාසික පදනම එයවේ.
ගෝළීය ධනවාදය හැර දියුණු ජීවිතයක් සොයාගැනීමට වෙනත් මාවතක් මේ සියවසේ නැතිබව ඇස් පනාපිට පෙනිපෙනී තිබියදී පවා අදටත් ලාංකීය ජාතිකවාදී ජන මනස දිවයන්නේම රජ දවස රොමෑන්ටික් ශ්‍රීවිභූතියක් දෙසටමය.
ලෝකයෙන් හුදෙකලා උනු තනි රටක සමාජවාදය නැමති රුසියාවෙන් පැමිණි දූපත් වාදී රාජ්‍ය ආකෘතියද එක මොහොතක මේ ජාතිකවාදී උමතුවට මනාව ගැලපුනි. එසේම ඒ සමඟම එකී සමාජවාදය සමඟම පැමිනි විකාර සහගත අධිරාජ්‍ය විරෝධයද ජාඩියට මූඩිය සේ ලාංකීය දූපත්වාදයේ බටහිර ෆෝබියාවට පෑහුනි.
කෙසේ හෝ මේ දෙක එකතුවී සිංහල බෞද්ධ බොල්ෂෙවික් වාදයක් ලෙස උඨ්ටානය වී රටේ ආර්ථිකය ගෝලීය සන්ත්තියකින් වෙන්කර හුදෙකලා කිරීමටම හදපු ඊනියා ජනතාවාදයක් නිර්මාණ කර ඇත.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ