සටහන – රෂිකා හෙන්නායක
ජාතික මැතිවරණ කොමිෂන් සභාව දන්වන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලීමක් කළ බවයි. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම, එහි අරමුණ වී ඇත.
අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන අතර , පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම කැඳවීමට අපේක්ෂා කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද, පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.