අප මෙවර මැයි දිනය ඉතා ශක්තිමත්ව කොළඹ පංචිකාවත්තේදී පවත්වනවා – රංගේ බණ්ඩාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී , පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූවේ , මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දින සැමරුම කොළඹ පංචිකාවත්තේදී පවත්වන බවයි.

රංගේ බණ්ඩාර මහතා මෙසේද කියා සිටියේය,

“අප මෙවර මැයි දිනය ඉතා ශක්තිමත්ව පවත්වන්නට සූදානම් වෙනවා. කලාප සංවිධායකවරුන් දහසකට අධික ප්‍රමාණයක් ඒ වෙනුවෙන් අප පත් කර තිබෙනවා. කොළඹ, පංචිකාවත්ත, මරදාන ප්‍රදේශයේදී අපේ මැයි දින සැමරුම පනස් දහසකට වැඩි ජනතා සහභාගිත්වයකින් පැවැත්වීමට අප සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ වගේම විශාල තරුණ පිරිසක් සමඟ තරුණ වැඩසටහන අනුරාධපුරයේදී අප්‍රේල් 6 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ වගේම මහනුවරදී අප්‍රේල් 7 වැනිදා විවිධ පිරිසක් එකතු කරගෙන තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව මුණගැසෙමින් සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාව ඉතා සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 337ක ණය ප්‍රමාණයක් අනුමත කරවා ගැනීමට අපට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ සාර්ථකභාවය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී පැසසුමට ලක් කර තිබෙනවා. රටේ උද්ධමනය පාලනය කිරීම තවත් එක් කාරණයක් විදියට ඇගයීමට ලක්වෙනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳවත් ඔවුන් එකඟත්වය පළ කර තිබෙනවා. ඒ වගේම ඩොලර් බිලියන 4.5 දක්වා නිල සංචිත ප්‍රමාණය ඉහළ දමා ගැනීමට අපට හැකියාව ලැබිලා තිබෙනවා. මෙම හේතුසාධක සලකා බලමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවන වටේ සාකච්ඡාවල සාර්ථකභාවය පිළිබඳ අපට දැනුම් දී තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව පිළිබඳ විදේශ රටවල තිබෙන විශ්වාසය තහවුරු වෙමින් සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...