දික්කසාදය චීනයට පීඩාවක් වෙලා!

0
634
A couple sits in a promenade along the Huangpu River under Lupu Bridge in Shanghai on November 9, 2022. (Photo by HECTOR RETAMAL / AFP)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයට තරුණ පරපුර අතර විවාහ සහ දික්කසාද ප්‍රවණතාව කළමනාකරණය කරගැනීමේ අභියෝගයකට මුහුණදීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය වසරේදී එරට රජය, වසර 90කට වඩා දීර්ඝ කාලයක් චීනයේ පැවැති විවාහ සම්බන්ධ නීතිරෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගනු ලැබීමත් සමඟ 2022 වසරේදී 8,45,000ක් ලෙස වාර්තා වවූ තරුණ පරපුර අතර විවාහයන් මිලියන 7.68ක් වර්ධනය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහෙත් එම 2022 වසරේදීම කිසිඳු නීතීමය පියවරකින් තොරවම අඹුසැමියන් මිලියන 2.59ක් දික්කසාද වී ඇතැයි ද වාර්තා වේ.

එය 2022 වසරේදී මිලියන 2.1ක් පමණක් වූ බවත් චීන සිවිල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඊට අමතරව 2022 වසරේදී අධිකරණය දක්වා ඇදී ගිය දික්කසාද නඩු ද 7,79,000ක් වාර්තා වූ බව එරට සිවිල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත. ඒ අනුව 2022 වසරේදී දික්කසාද වූ චීන අඹුසැමියන්ගේ සංඛ්‍යාව මිලියන 2.87ක් බව ද සඳහන් වේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, චීන තරුණ පරපුරේ දික්කසාද නඩු අතරින් බහුතරයකම පැමිණිලි පාර්ශ්වය කාන්තාවන් බවත්, ගෘහස්ථ හිංසනය ද තරුණ පරපුර අතර විවාහයන් බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් බවත්ය.