අතිවිශාල වියදමකින් වාහන 76,000ක් නඩත්තු කිරීමට රජය කැපවෙයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

මාර්තු 27,
කොළඹ (LNW):කිලෝමීටරයකට රුපියල් 300 ක වියදමින් ධාවනය වන රජයේ වාහන 100 ක වියදමින් ධාවනය කළ හැකි බව බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවකින් අනාවරණය වී තිබේ.

පසුගියදා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඉදිරිපත් කරන ලද “රාජ්‍ය සම්පත් කළමනාකරණය” පිළිබඳ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ බව අනාවරණය විය.

2022 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව රජයේ ආයතන සතුව වාහන 82,000ක් පමණ ඇති බවත්, ඉන් 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින අතර වාහන 5500ක් පමණ ධාවනය නොවන බවත් එම පර්යේෂණ පත්‍රිකාවෙන් අනාවරණය විය.

ධාවන තත්ත්වයේ වාහනයක කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා වැය වන මුදල රුපියල් 300 ත් 500 ත් අතර වන අතර රජයේ ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී හෝ බදු පදනම මත පෞද්ගලික අංශයෙන් කුලියට ගන්නේ නම් රුපියල් 100 ක් හෝ ඊට අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි බව පර්යේෂණයට අනුව අනාවරණය වී ඇත.

මෙම තොරතුරු සැලකිල්ලට ගත් කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිර්දේශ කළේ යදාමිණි ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණ පත්‍රිකාව හොඳින් අධ්‍යයනය කර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුකමිටුවක් පත් කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...