(VIDEO):රටේ ඇත්ත තත්ත්වය මෙන්න:ණය ප්‍රතිව්‍යුහගත නොකර රට ගෙනියන්න බැහැ – ඇමති බන්දුල සැබෑ තතු පහදයි

Date:

කොළඹ LNW:ණය ප්‍රතිව්‍යුහගත නොකර රට ඉදිරියට ගෙන යාමට නොහැකි බව ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඇනහිට තිබෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වන්නේ එම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් පසු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම සත්‍ය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතු බවයි ඔහු තවදුරටත් කියාසිටියේ.

රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘති පාහේ සිදුකර තිබෙන්නේ විදේශ ණය ආධාර මත වන අතර එය කුමන හෝ හේතුවක් මත ජනතාවට පවසා නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේය.

ආණ්ඩුවේ මුදල්වලින් සිදුකරන්නේ රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට,දෛනික මිලදී ගැනීම් සහ රාජ්‍ය ණය හා පොළී ගෙවීම බවයි අමාතයවරයා සඳහන් කළේ.

අමාතයවරයා මෙම අදහස් පළකළේ අද (27) අතරමඟ නතර කර තිබෙන කොහුවල ගුවන් පාලමේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...