*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

දකුණු ආසියාතික රට හරහා දිවීමේ අනු සූරතා පොකුරම ශ්‍රී ලංකාවට

ඊසාන දිග ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ කොහිමා හී ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවති දකුණු ආසියාතික රට හරහා දිවීමේ තරගාවලිය නියෝජනය කළ පිරිමි සහ කාන්තා ජ්‍යේෂඨ කණ්ඩායම් මෙන්ම කණිෂ්ඨ කණ්ඩායම් ද අනු සූරතා හිමිකර ගන්නට සමත් වුණා.මෙම තරගාවලියේ පෞද්ගලික ජයග්‍රහණ පිරිනැමීමේදී තරගය නිමා කරන කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයාට ස්ථානයක් හිමිවන ආකාරයට ජයග්‍රහණ බෙදී ගියා.එහිදී ඉන්දියාව තරගයක මුල් ස්ථාන තුනම දිනා ගත්තද එහිදී පදක්කම් හිමිකාරීත්වය එහි පළමුවැනියාට පමණක් හිමිවන අතර සිව්වැනි තැන වෙනත් රටක අයෙක් සිටියේනම් එය තරගයේ දෙවන ස්ථානය සේ සැළකීම මෙහිදි දකින්නට ලැබුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට සහ ක්‍රීඩිකාවකට මේ තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් පෞද්ගලිකව දිනා දෙන්නට හැකි වෙනවා.පිරිමි ජ්‍යෙෂ්ඨ අංශය නියෝජනය කර ආර්.එම්.එස්.පුෂ්පකුමාර සහ කණිෂ්ඨ පිරිමි අංශය නියෝජනය කර ජාලිය සංගීත් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා දෙන්නට සමත් වුණා.ලෝකඩ පදක්කම දිනා ගන්නේ ජ්‍යේෂඨ කාන්තා තරග අංශය නියෝජනය කළ සුජානි පෙරේරා යි.

රට හරහා දිවිමේ තරගාවලිය කඳු සහිත මාර්ගයක,ශිතල කාලගුණික තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වූ අතර එයට 56 වන ඉන්දීය රට හරහා දිවීමේ ජාතික සූරතාවයද ඈදා තිබූ නිසා තවත් තරග ඉසව් ගණනාවක් ද මේ සමඟ ක්‍රියාවට නැංවුණා.විශේෂයෙන්ම ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන් වූ වයස් ඛාණ්ඩ තරග ගණනාවක්ම මීට ඇතුළත්ව තිබූ නිසා තරග සංවිධානයේ යම් සංකීර්ණ සහ අපැහැදිළිතා දකින්නට ලැබුණා.නමුත් තරගාවලිය ප්‍රශස්ථ මට්ටමකින් නොවුණත් ප්‍රසන්න මට්ටමකින් දැක ගන්නට අවස්ථාව හිමි වුණා.
ශ්‍රී ලංකාව නියෝජනය කළ ආර්.එම්.එස්.පුෂ්පකුමාර මේ තරගාවලියට සහභාගි වූ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන අතර දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ දුර දිවීමේ ධාවන පථය තුළ ඇති විශාල අත්දැකීම් ප්‍රමානයක් සහ ජයග්‍රහණ රාශියකට හිමිකම් කියන්නෙක්.ඒ දක්ෂතා වැඩි දුරටත් වර්ධනය කර ගන්නට ඉඩ හසර නොලැබි අවධානය යොමු නොවූ ක්‍රීඩකයෙක් වන පුෂ්පකුමාර නොහොත් ආදර ඇමතුමට “බ්ලැකී” මේ තරගාවලියට සහභාගි වන්නේ පෞද්ගලික ජීවිතයේ ගැටළු ගණනාවක පිඩාව මැද තේරීම් තරගවල දෙවැන්නා බවට පත් වෙමින්.නමුත් අත්දැකීම් සමඟ මේ තරගයේදී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ඉදිරියෙන්ම සිට තරගය නිමා කළ පුෂ්පකුමාර,කුමාර ෂම්මුගේෂ්වරන් සහ සාගර විජේවික්‍රම සමඟ ශ්‍රී ලංකාවට සමස්ත තරගයේ අනු සූරතාවය දිනා දෙන්නට ද සමත් විය.

කණ්ෂ්ඨ පිරිමි අංශයේදී ඉදිරියෙන්ම සිටියේ ජාලිය සංගීත් ය.රිදී පදක්කමට හිමිකම් කියූ ඔහුගෙන් අනතුරුව තරගයේ ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා වූ ඇන්ජලෝ බෙනඩික්ට්ට තරගයේ හයවන තැන හිමි විය.චරිත් මධුභාෂනට හිමි වූයේ තරගයේ හත්වන තැනය.කණිෂ්ඨ අංශයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පදක්කමක් කරා ඒමට නොහැකි වුව ද,සමස්ත තරග ප්‍රතිපල සළකා බලද්දී හය,හත සහ අට ස්ථාන ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන් සතු විය.පිළිවෙලින් එම ස්ථානවලට කසුනි නිර්මාණි,හෂිනි ලක්ෂානි සහ නෙලුමිකා ෆොන්සේකා පත් වූ අතර කණ්ඩායමක් ලෙස වැඩිම දක්ෂතා දැක්වීමේදී ඉන්දියාවට පමණක් පසුපසින් සිටිමින් සමස්ත අනු සූරතාවයටද හිමිකම් කීවේය.

ජ්‍යෙෂ්ට කාන්තා තරග අංශයේ ලෝකඩ පදක්කම දිනා ගත් සුජානි පෙරේරාට පසුව තරගයේ හයවන ස්ථානයට චාමිනි හේරත් පැමිණියාය.අටවන ස්ථානය හිමි වූයේ නිමේශා නිදර්ශණීටය.මෙම තරගාවලියට කණ්ඩායම් පුහුණුකරු ලෙස එක් වූයේ මධුර පෙරේරාය.එසේම බුද්ධික නුවන් ද පුහුණුකරුවෙක් ලෙස එක්ව සිටි අතර කාන්තා කණ්ඩායම භාරව අචින්තා නිර්මාණි එක් වූවාය.කණ්ඩායම් කළමණාකරු ලෙස එක් වූයේ එච්.කේ.උපාලිය.

RM

කණිෂ්ඨ ක්‍රීඩිකාවන් නෙළුමිකා,හෂිනි සහ කසුනි
කණිෂ්ඨ ක්‍රීඩකයන්.ඇන්ජෙලෝ,ජාලිය සහ චරිත්
ෂම්මු,පුශ්පකුමාර සහ සාගර
ශ්‍රී ලංකා කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් අනු සූරතා කුසලාන සමඟ
තරගාවලියට එක් වූ සමස්ථ කණ්ඩායම

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan