අවුරුදු කාලෙ ට්‍රිප් ගියාට කමන්නෑ FB ස්ටේටස් දාලා රටටම කියන්න නං එපා – පොලීසියෙන් පණිවුඩයක් !

0
1304

අලුත් අවුරුදු නිවාඩු සමයේදී විනෝද චාරිකාවල නිරත වන්නේ නම් ඒ පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා තොරතුරු පළ කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අවම වශයෙන් විනෝද චාරිකාව අවසන්ව යළි නිවසට පැමිණෙන තෙක් හෝ ඒ පිළිබඳව සමාජ ජාලාවල පළකිරීමෙන් වැළකීම ඉතා වැදගත් බවයි ජ්‍යෙෂ්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරන්නේ.

මෙම තොරතුරු පළකිරීම හරහා සොරුන්, විවිධ ජාවාරම්කරුවන් ඉන් විවධ අයුතු ප්‍රයෝජන ලබා ගන්නා බව අජිත් රෝහණ මහතා පෙන්වා දෙනවා. පවුල් පිටින් විනෝද චරිකාවල නිරතවන පුද්ගලයන් පිළිබඳව ෆේස්බුක් හරහා දැනගන්නා ජාවාරම්කරුවන්, සොරුන් එම පුද්ගලයන්ගේ නිවාස බිඳ භාණ්ඩ සොරකම් කිරීමට ඉඩ තිබෙන බවද ඔහු පවසනවා.

එමෙන්ම චාරිකාවල නිරතවෙද්දී, ගමන් යාමේදී භාවිතා කරන වාහනවල ආරක්ෂාව, රැගෙන යන භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට සොරුන්ගේ, ජාවාරම්කරුවන්ගේ කටයුතු ඉහළ ගොස් ඇති බවත්, මේ නිසා උත්සව සමයේදී සිදු කරන වැටලීම් ඉහළ දමා ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here