වසර 50කට පසු රත්මලානේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් අද සිට ඇරඹෙයි

Date:

අද ඓතිහාසික දිනයක් රත්මලාන ගුවන් තොටුපලට…

වසර 50කට පසු රත්මලානේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් අද සිට ඇරඹෙයි…..

කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල, රත්මලාන (CIAR) 2022 මාර්තු මස 27 දා සිට මාලදිවයින් එයාර් (Maldivian Air) සමඟ මාලදිවයින දක්වා කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. අඩු වියදමිගුවන් ගමන්…

මාලදිවයින් රජයට අයත් සීමාසහිත අයිලන්ඞ් ඒවියේෂන් සර්විසස් සමාගම (Island Aviation Services Limited) ස්වකිය කලාපීය ගුවන්ගමන් නැවත ආරම්භ කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මාලදිවයින් ජාතික ගුවන්සේවයේ ප‍්‍රධාන මධ්‍යස්ථානය වන Velana ජාත්‍යන්තර ගුවන්තොටුපොල සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොල රත්මලාන(CIAR) අතර මෙම කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම අද සිදුවනවා.

ආරම්භක අවස්ථාවේදී සතියකට තෙවරක් ආසන 50 ක් සහිත ඩෑෂ්-8 ගුවන් යානා (Dash-8 aircraft with 50 seats) යොදා ගනිමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින අතර කාලසටහන්ගත ගුවන් ගමන් 3 ක් පමණ ක‍්‍රියාත්මක කිරීමට නියමිත අතර 2022 මැයි මස සිට එය ගුවන් ගමන් වාර 5 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයයි.

ඉදිරියේදී කලාපයේ අනෙක් රටවලටද මෙලෙසින්ම අඩු වියදමි ගුවන්යානා ආරමිභ කරනු ඇත…

Sponsored Article
පරාක්‍රම බස්නායක..
හිටපු රේගු අධ්‍යක්ෂ..
නීතී සහ නීති කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ. රැන්සමි ලංකා..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...