පළාත් සභා වාහන තාමත් ඇමතිලා ලඟ – සමහර වාහන බිරින්දෑවරුන් ලඟ

Date:

පළාත් සභා සඳහා ලබා දී තිබූ සුපිරි වාහන තවමත් පළාත් සභා හිටපු ඇමතිවරුන් භාවිතා කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා සතුව තිබූ වාහන සංචිත පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා.

ඇතැම් පළාත් සභාවල නිළ කාලය අවසන් වී මේ වනවිට වසර පහකට ආසන්න වී තිබෙනවා. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළයුතු වූ බැවින් මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කෙරිණි. යහපාලන ආණ්ඩුවේ කාලසීමාව අවසන් වනවිටත් අදාල සංශෝධන සම්මත කර ගැනීමට නොහැකි විය.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබෙන නමුත් තවමත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබේ.

නිළ කාලය අවසන්ව වසර පහක් ගත වී ඇතත් ඇතැම් මහ ඇමතිවරුන් සහ ඇමතිවරුන් සිය නිළ වාහන ආපසු බාරදීමට කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ. ඇතැම් වාහන මහ ඇමතිවරුන්ගේ, ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන් විසින් භාවිතා කරන බවද හෙලි වී තිබෙනවා.

මේ අතර පළාත් සභාවල හිටපු උසස් නිළධාරීන් පිරිසක්ද නීතිවිරෝධී ලෙස තවමත් පළාත් සභා වාහන භාවිතා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ වීමර්ශනවලින් අනතුරුව වාහන ආපසු බාර දී නොමැති ඇමතිවරුන් පිළිබඳ සවිස්තර වාර්තාවක් ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...