ගුවන් පාලමක් කඩා වැටේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම හදිසියේ කඩාවැටී තිබේ.

ඊයේ (මාර්තු 26) රාත්‍රී 07.40 ට පමණ මෙම ගුවන් පාලම කඩාවැටී ඇත.

ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු මෙසේ එම මගී ගුවන් පාලම කඩාවැටී ඇති බව සඳහන්.

කෙසේවෙතත් එය කඩා වැටෙන අවස්ථාවේ ඒ මතින් කිසිදු මගියෙකු ගමන් කර නොමැති අතර ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයකුට අනතුරක් සිදුව නොමැති බවත් වාර්තා විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ දුම්රිය මාර්ගය හරහා කඩාවැටී ඇති පාලමේ සුන්බුන් කොටස් ඉවත් කිරීමට කටයුතු කරන ආකාරය දැක ගැනීමට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...