2025 Zhongguancun සංසදයේ වාර්ෂික සමුළුව ඇර‌ඹේ!

කොළඹ LNW:2025 Zhongguancun සංසදයේ වාර්ෂික සමුළුව අද (27) ඇර‌ඹේ. “නව ගුණාත්මක ඵලදායිතාව සහ ගෝලීය විද්‍යා හා තාක්ෂණික සහයෝගීතාව” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

මේ සඳහා 100කට අධික රටවල් සහ කලාපවලින් පැමිණි ආරාධිතයෝ සහභාගී වෙති. ගෝලීය නවෝත්පාදනය හා සංවර්ධනය සම්බන්ධයෙන් නව අදහස් ලබා ගැනීම සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයෙන් නව ගුණාත්මක ඵලදායිතාව බිහි කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.

Zhongguancun සංසදය “නවෝත්පාදනය සහ සංවර්ධනය” ස්ථිර තේමාව කර ගනිමින් 2017 වසරේදී ඇරඹිණ. මේ වනවිට එහි සැසි 15 වතාවක් සාර්ථකව පවත්වා තිබේ. එමෙන්ම ඊට සමගාමී දහස් ගණනක අනුසංසද සහ අතිරේක ක්‍රියාකාරකම් පවත්වා ඇති අතර ලක්ෂ සංඛ්‍යාත ආරාධිතයන් සහ ප්‍රේක්ෂකයන් මෙම සංසද සඳහා එක්ව ඇත.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...