නයිට් ක්ලබ් ගැටුමට අත්අඩංගුවට ගත් යෝෂිතගේ මිතුරන් සිව්දෙනා රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් පසුගියදා කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ඇතිකරගත් ගැටුමට අදාළව පොලීසිය අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (මාර්තු 27) දිනයේදී ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ය.

ඊයේ (26) පෙරවරුවේ ඔවුන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවීමෙන් පසුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම ගැටුම සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය පෙරේදා (25) දිනයේදී පැය තුනක පමණ කාලයක් යෝෂිත රාජපක්ෂගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම ගැටුමින් අදාළ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්ව තිබුණු අතර ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...