“ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Date:

රෂිකා හෙන්නායක මාර්තු 27, කොළඹ (LNW):

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය විසින්, සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි නිරත පුද්ගලයින් 50,000 ක් සඳහා “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසේ.

මෙම වැඩසටහන මෙරට “ටයිපොයිඩ්” හෙවත් උණසන්නිපාත රෝග ව්‍යාප්තිය හා රෝගය වැළදීම පිළිබඳව වාර්තා වූ දත්ත පාදක කර ගනිමින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත ක්‍රියාත්මක වන බව දැක්වේ.

ගෙවුණු කාල පරිච්ඡේදය තුළ “ටයිපොයිඩ්” රෝගය වැළදීමේ හා පැතිරීමේ වැඩිම ප්‍රවණතාවය ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මුලික කර ගනිමින් සිදුවන බව වසර කිහිපයක සංඛ්‍යා ලේඛන අනාවරණය කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා සඳහන් කළේ, එබැවින් එම ක්ෂේත්‍රවල සේවයේ නියුතු පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. මෙම එන්නත ලබාගැනීම තුළින් “ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වන අතර, රෝගය පැතිරීමේ අවදානම ද තුරන් ව යන බව සඳහන් වේ.

මෙරට සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් දැනට ස්ථානගත කර ඇති අතර, එම පිරිස දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 ක් තුළින් එක්රැස් කරගත් දත්ත පාදක කර ගනිමින් මෙම “ටයිපොයිඩ්” එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මෙහි දී ජංගම ආහාර වෙළෙන්දන්, ආපනශාලා සේවකයින්, ජනාකීර්ණ ස්ථානවල ආහාර අලෙවි කරන්නන් මෙන්ම අධ්‍යාපන ආයතන, පාසල් සහ අනෙකුත් ආයතන වෙත සමූහ ලෙස ආහාර පිසින, අලෙවිකරන සහ බෙදාහරින පුද්ගලයින් ඉලක්කගතව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

“ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වීම සදහා මෙම එන්නත වසර 03 කට වරක් ලබාගත යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන මෙම එන්නත් වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මගින් සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාගත හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...