විජිතට කැපිල්ලක්ද ? බිමල් එක්ක වැඩ කරන්න බැරිද ??

Date:

මාලිමාවේ ආණ්ඩුව බලයට ආවායින් පස්සේ පත්කරපු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතරින් හත් දෙනෙක් මේ වෙනකොට ඉල්ලා අස්වෙලා තියෙනවා.

ඒ, රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා, ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ මහතා සහ ජාතික ගමන ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා වශයෙන්.

ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතාගේ ඉල්ලා අස්වීම අද (27) දවසේ තමයි වාර්තා වෙලා තිබුණේ. ඒ මහතා ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ලෙසත් කටයුතු කරපු කෙනෙක්.

ඒ වගේම මෙතැනදී පැහැදිලිව පෙනෙන දෙයක් තමයි ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සභාපතිලා තුන් දෙනෙක්ම මේ වෙද්දී ඉල්ලා අස්වී තිබීම. මේ තුන්දෙනාම අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වෙලා පිහිටවපු මුල් කැබිනට් මණ්ඩලයේ ප්‍රවාහන අමාත්‍යාංශය විජිත හේරත් මහතා යටතේ තිබියදී පත්කරපු අය. එහෙම නම් අලුත් ප්‍රවාහන ඇමති බිමල් රත්නායක මහතා එක්ක මේ අයට වැඩකරන්න බැරිද කියන ප්‍රශ්නය මතුවෙනවා.

ඒ වගේම ඔය කියපු මුල් කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය තිබුණෙත් විජිත හේරත් යටතේ. එතකොට ඔය සෙනේෂ් දිසානායක බණ්ඩාර ජාතික රූපවාහිනියේ සභාපති තනතුරට පත් කළෙත් විජිත හේරත්. එහෙම බැලුවාම දැනට ඉල්ලා අස්වෙලා තියෙන සභාපතිලා හත්දෙනා අතරින් හතරදෙනෙක්ම විජිත හේරත් මහතා පත්කළ අය. ඒ අනුව විජිත හේරත් ඇමතිවරයාට ආණ්ඩුව ඇතුළෙන්ම කැපිල්ලක් තියෙනවාද කියන ප්‍රශ්නයත් මතුවෙනවා.

ඔය ගැන යම් යම් කටකතා ටිකකුත් පැතිරෙමින් තියෙනවා. ඒවා ගැන ඉදිරියේදී කියන්නම් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...