රත්නෙ,ෂම්මු,වත්සලා සහ නිමේෂා ලංකාවේ මැරතන් ඉතිහාසය වෙනස් කරන්නට චීනයට යති

නිශ්මං රණසිංහ මාර්තු 27 කොළඹ LNW :

පවත්වන ලද ආසියානු මැරතන් සූරතාවලි 18 දී ම ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එක් පදක්කමකි.එම ගෞරවය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාව සුසන්තිකා ජයසිංහගේ ජවයෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගත් 2000 වසරේදී, ආසියානු මැරතන් සූරතාවලියක රිදී පදක්කම දිනා ගත් සරත් ප්‍රසන්න ගමගේටය.ජපානයේ පැවති හත්වන ආසියානු මැරතන් සූරතාවලියේදී ඔහු දෙවැන්නා වෙමින් පැය 2:28:25 න් නිමා කරමින් රිදී පදක්කම දිනා ගන්නට සමත් විය.එසේම සරත් එම වසරේ පැවති සුසන්තිකා රිදී පදක්කම දිනූ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලටද මැරතන් ඉසව්ව වෙනුවෙන් සහභාගි වූවේය.


මෙවර එම ඉතිහාසය වෙනස් කරමින් ආසියානු මැරතන් සූරතාවලි ඉතිහාසයේ ජයග්‍රාහී පදක්කම් ලේඛණයට නම එකතු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් චීනයේ Jiashing බලා ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රිඩිකාවන් දෙදෙනෙක් ගොස් ඇත.එම නාම ලෙඛණය පහත දැක්වේ.
පිරිමි;
T.N. රත්නපාල
කේ. ෂන්මුගේෂ්වරන්
කාන්තා:
W.M. වත්සලා හේරත්
V.M. නිමේශා නිදර්ශනී
මෙම සංචාරයට කණ්ඩායම් කළමණාකරු සහ පුහුණුකරු ලෙස එක්ව සිටින්නේ සජිත් ජයලාල් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...