සටහන – රුවන් නෙළුගොල්ල
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
ඒ අනුව, එම නඩුව යළි විභාගයට ගන්නා ලෙසයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.
අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ය.
සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ඊයේ (26) ලබාදෙන ලදී.


