Home පුවත් ක්‍රී​ඩා අවාසනාවන්ත 24 වන විනාඩිය

අවාසනාවන්ත 24 වන විනාඩිය

නිශ්මං රණසිංහ ,මාර්තු 27, කොළඹ LNW:

දකුණු ආසියානු අවුරුදු 20 න් පහළ තරගාවලියේදී ශ්‍රී ලංකාව සත්කාරක මාල දිවයින පරාජය කරමින් ඓතිහාසික ජයක් වාර්තා කළ ද,නේපාලය ඉදරියේ ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් වුණා.තරගයේ 24 වන විනාඩියේදී නේපාල ක්‍රීඩක සුභාෂ් බම් ලබා ගත් ගෝලය තරගයේ ජය පරාජය තීරණය කළ පහර වූවා.


ඉතා හොඳ මට්ටමෙන් ශ්‍රී ලංකාව තරග කළ ද,මාල දිවයිනට එරෙහිව දෙවන අර්ධය තුළ පෑ දක්ෂතාවය නිසා නේපාලය හොඳ ආරක්ෂක වළල්ලක් සිය ගෝල සීමාව ආක්‍රමණය වන පරිදි යොදවාගෙන තරගයට මුහුණ දුන්නා.24 වන විනාඩියේදී ඔවුන් ලද ගෝලය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් කර ගැනීම ඔවුන්ගේ උත්සාහය තුළ රැදී තිබුණු අතර ඔවුන් බොහෝ විට ශ්‍රී ලංකාවෙ පෙර පෙළ ක්‍රීඩකයන්ව බැද තබා ගැනීමට කාලය වැය කරමින් ක්‍රීඩාවේ නියැළුණා.


ශ්‍රී ලංකාව අද මුණ ගැසෙන්නේ භූතානයයි.මේ වන විටත් සත්කාරන මාල දිවයිනට අවසන් පූර්ව තරගවල පාර වැසී ඇති අතර අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබා ගතහොත් බොහෝ විට ශ්‍රී ලංකාව සහභාගි වන කාණ්ඩයේ පළමු තැන ගැනීමට ඉඩ තිබෙනවා.


අනෙක් කාණ්ඩයේ රටවල් අතර ඉන්දියාව සහ බංගලාදේශය බොහො විට අවසාන කණ්ඩායම් හතරට සුදුසුකම් ලබනු ඇත.භූතානය පරාජය කළහොත් ශ්‍රී ලංකාව අනිවාර්යෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබෙනවා.කලකට පසුය දකුණු ආසියානු මට්ටමෙන් ශ්‍රී ලංකාවේ අවුරුදු 20 න් පහළ ක්‍රිඩකයන්ගේ මේ තරග විලාශය ශ්‍රී ලංකාවේ පාපන්දුවේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු ඇති කරමින් තිබෙනවා.