සහන් ප්‍රදීප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මෙන්ම පසුගිය දිනවල විවිධ තැන් හී බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ඔහු දැක්වන දක්ෂතා ගැනත් සඳහන් වුණා.ඒ ප්‍රවීනයන්ගේ තරගවලදියි.මේ සටහනට ඔහු පාදක වන්නේ පාර්ලිමේන්තුවෙ කියන අපූරු කතාවක් නිසා.ඒත් බැඩ්මින්ටන් ක්‍රීඩාව ආශ්‍රිතවයි.ඔහු පවසන ආකාරයට වත්මන් සභාපතිවරයා ගෙවුණු වසර හතර ඇතුළත බැඩ්මින්ටන් ක්‍රිඩාවට වියදම් කර ඇති ඔහුගේ පෞද්ගලික මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 190 ක්.(මේ කතාව ඔහු පවසන වීඩියෝව මෙහි සඳහන් වෙනවා)
රජයෙන් සහ විවිධ අනුග්‍රහයන්ගෙන් ශ්‍රි ලංකා බැඩ්මින්ටන්වලට කෙතරම් මුදලක් ලැබෙන්න ඇද්ද? එය ද බිංදුවක් නොවන බව සහතිකයි.එසේනම් මේ තරම් පෞද්ගලික ධනයක්ද වියදම් කර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මේ වන විට ජාත්‍යන්තරයේ ලබා ඇති ප්‍රගතිය කවරේද?
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මේ වන විට සිය ජාතික සංචිතය හෝ පවත්වා ගෙන නොයන බව තමයි අප සතු වාර්තාවන්ට අනුව පැහැදිළිවන්නේ.බැඩිමින්ටන් සංචිත ගණනාවක් ඉහළ සිට පහළට නඩත්තු කරපු අවදියේ දී 2007 දී පමණ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවෙ අට දෙනෙක් පමණ සිටියා.ඒ දවස්වලත් බැඩ්මින්ටන් සම්බන්ධ විවේචන තිබුණා.ඒ එක්තරා පවුලක් මූලික කරගෙන වැඩි සැළකිල්ලක් දක්වන බවට.
එම පවුලෙ පළමුවැන්නා කේෂ්ත්‍රයට පිවිසෙන විටම අතු ගා දැමීමේ සැළසුමක් ජ්‍යෙෂ්ඨයන් විසින් ක්‍රියාත්මක කරා.එය ඇතැම් මාධ්‍ය මැදිහත්ව හෙළිදරව් කර එම අසත්පුරුෂ ක්‍රියාවට මැදිහත් වූ පිරිස් මද කළෙකට බැඩ්මින්ටන් වාරණයකට ලක් කර ක්‍රීඩාවට එන විට එම පවුලෙ පියාත්,දරුවන් හතර දෙනාත් බැඩ්මින්ටන් ක්‍රීඩාවට පිවිස අවසන්.ඔවුන් එකටම රැදි සිටියා.එකටම සටන් කළා.විරෝධයන් ඉදිරිපත් කරා.මේ ගැටීම් නිසා ඒ ගැටෙමින් දිනා ගන්නා අවස්ථා නිසා ඔවුන්ට අසාධාරණ සේ අවස්ථා හිමිවන බව පැවසුවා.
මේ පොකුරක් විසින් එකට රැදෙමින් එකෙක් වෙනුවෙන් සටන් කරන විට ඔහු දිනාගන්නා යම් දේවල් නිසා මෙන්ම අවස්ථාවන් උදා කර ගනිද්දිත් විශේෂයක් යම් තරමකට වෙන්න ඇති.නමුත් ඔහු අවුරුදු 36 දී ත් ජාතික සූරයා වෙමින් තමන්ගේ හැකියාව සම්බන්ධයෙන් හොඳ සහතිකයක් ලබා දුන්නා.යම් වැයක් දරා ඇත්නම් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් එහි පලය ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ලෝකයේ ඉහළම තැනකට ගෙන ගිය පුද්ගලයා ලෙස ඔහු ඉතිහාස ගත වෙනවා.ඔහු නිලූක කරුණාරත්න.එම පවුල නිලූක,දිලූක,දිනුක සහ චාමික අයත් වන කරුණාරත්න පවුල.
හොඳම දේ නිලූක ජාතික සූරයා සේ තමන්ගේ ජාත්‍යන්තර අවස්ථාවන් හී අත්දැකීම්වලින් යැපෙන බව සිතන්න.එවිට දිලූක සහ දිනුක ජාත්‍යන්තර වශයෙන් යුගල තරගවල මුල් 50 අතර ඒම සිඳුවන්නේ කෙසේ ද?
යමකට අසාධාරණයැයි කියන්නට ඒ ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අපූරු බිල්ලෙක් හැඳුවා.ඇත්තම තත්ත්වය ඔවුන් සටන් කොට බොහෝ දේ දිනා ගත් බවයි.ඒ සඳහා හැකියාවත් තිබුණා.කැපවීමත් තිබුණා.මේ දිනා ගැනීම් ශ්‍රී ලංකා බැඩ්මින්ටන්වල ජයග්‍රාහී සටහන් හැටියට අවසන් වෙද්දිත් ඒ පල සහිත ගහට ගල් ගැසීමට පිරිස හරවා වෙනත් ආකාරයේ ගස් වවා පල බුදින්නන්ට සැඟවී ඒ කාර්ය කරගෙන යන්න ඇතැම් අයට අවස්ථාව ලැබුණා.
තමන්ගේ දේ සඳහා කැපවෙන්නට,සටන් කරන්නට වැය කළ යුතු කාලය ශ්‍රී ලංකා බැඩිමින්ටන්ම විවිධ උපක්‍රම යොදා ගනිමින් කරුණාරත්නලාගේ සාර්ථකත්වයට විරුද්ධව හඬ නඟන්නට යොදා ගත්තා.වැඩි වෙලාවක් ගල් ගැසීමට කැපවෙන්නට වැය කරන්නට යොදා ගන්න වූ නිසා ඔවුන්ට තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් වැය කරන්න කාලය අඩු වුණා.අනෙකාට වරද්දන්නට තමන්ට හරි ගස්සා ගන්න වැය කරන කාලයට වැඩිය කැපවීමක් කිරිම ලාංකේය ජානවලම ඇති දෙයක් නිසා හුඟක් දක්ෂයන්ට තමන්ට යා හැකිව තිබූ දුර නොයා නවතින්න වුණා.ජයග්‍රහණවල සිමාවන් පටු වුණා.
දැන් ඒ ඉතිහාස කතා හමාර කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන අපූරු තැන අපි ඉන්නෙ.මිලියන 190 ක් පෞද්ගලික ධනයෙන් වැය කරපු සභාපතිවරයෙක් යටතෙ.පාර්ලිමේන්තුවේ නොසිටින නිසා සහ එහි ඇති වරප්‍රසාද නිසා අපට යම් යම් සීමාවන් මේ ගැන විමසා බලන්නට සිඳු වෙනවා.නමුත් සරලව රටේ ක්‍රිඩාව ගැන අවධියෙන් ඉන්න අය හැටියට මේ සා විශාල මුදලක් වැය කර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වෙනුවෙන් කළ දේ මොනවාද යන්න විමසා බලන්න වටිනවා.
යටිතල පහසුකම් සංවර්ධනයට,ක්‍රීඩක සුබ සාධනයට මේ මුදල් වැය වි ඇති ආකාරය රටට හෙළිදරව් කිරිම වැදගත් වන්නේ පෞද්ගලික ධනයක් වුව රජයේ මුදලක් වුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන්වලට නම් වැය කර තිබෙන්නේ ඒ සා මුදලක් යම් යම් අයගේ පෞද්ගලික සුබ සිද්ධියට අත් කරගෙන ද යන්න දැන ගැනීම අවශ්‍යය නිසයි.ඔහු අප දන්නා පරිදි කාලයක් නිලුක කරුණාරත්නගේ අනුග්‍රාහකයාවත් සිටියා.ඔහුගේ පියා සමඟ ප්‍රවීන තරගවලදි යුගල තරගවල සහභාගි වුණා.ඒ නිසා කරුණාරත්න දක්ෂතාවයන් ගැන ලියද්දි යම් ගෞරවයක් සහිත වාක්‍ය ගණනාවක් රොහාන් ගැනත් ලිවිය යුතුයි.
ඒත් මේ සහන් ප්‍රදීප් කියන මංත්‍රී ක්‍රීඩකයා කියන වැය කිරීම් එන්නෙ වසර හතරක කාලයකට.ඒ කාලය තුළ බැඩ්මින්ටන් රටේ අභ්‍යන්තරයේ කුමන ප්‍රගතියක් ලබා ඇද්ද?ජාතික තලයේ ක්‍රිඩකයින්ට සහ ජාතික තලයේ ක්‍රීඩා සංචිතවලට ලැබුණේ මොනවාද යන්න මංත්‍රීවරයාම පැවසිය යුතුයි.අප දන්නා තරමින් දක්ෂ ක්‍රිඩිකාවක් වන ලංකාවේ බැඩ්මින්ටන් පිටියේ පොඩි තිළිණි ලෙස විරුදාවලි ලත් තිළිනි හෙන්දහේවා මේ වන විට ඉන්නෙ විදෙස්ගතව.නිලූක කරුණාරත්නගෙන් පසුව එතැනට පිවිසීමට සිටිය දිනුකත් අද මේ රටේ නැහැ.සචිත් ඩයස් මෑත කාලයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන්වල විශාල බලාපොරොත්තුවක්ව වැඩෙමින් සිටියා.අද ඔහුත් මේ රටේ නැහැ.තවත් යාමට නියමිත විශාල පිරිසක් ශ්‍රී ලංකා බැඩමින්ටන් අතහැර යාමට පිඹුරුපත් සකස් කරමින් සිටිනවා.
මේ බොහෝ දෙනෙක් එක්තරා ආකාරයකින් කරුණාරත්න ආභාෂය නොලැබෙන්න වෛරක්කාරයන් සේ පෙන්නා ඈත් කර දැමීමේ ස්වභාවයක් පෙනෙන්නට තිබුණා.නමුත් අද ඒ සමහර ක්‍රීඩකයින්ට යම් යම් මඟ පෙන්වීම් කරන්නට එම පවුලේ ක්‍රීඩකයින් ඉදිරිපත් වි සිටන බව එම ක්‍රීඩකයින්ට සම්බන්ධ මූලාශ්‍ර හරහාම වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් සටහන් කරද්දී රටට විරත්වයක් ආරෝපනය කරපු සමහර ක්‍රීඩකයින් සම්බන්ධයෙන් වැරදි ආකල්ප මෝදු කර ඔවුන් දෙස ද්‍රෝහීන් සේ බලන්නට හුරු කරපු සංස්කාතියක් යටතෙ තමයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වටපිටාව සකස් වුණේ.වර්ථමානයේ යම් සේවයක් කරපු රොහාන්ට අනවශ්‍යය පිම්බිමක් දෙන්න ගොස් සිඳුවිය හැකි දේ තමයි ඔහු වීරයෙක් කරන්න උථ්සාහ කරන පාරේම හමුවන සාධක විසින් ඔහු ද්‍රෝහියෙක් විමට ඇති ඉඩ.
සමහර අවස්ථාවක රජවරු කඩුව දීමට සහ ආරක්ෂාවට වැරදි මිනිසුන් හෝ සතුන් තෝරාගත් විට අහිමි වී ඇත්තේ තමන්ගේ බෙල්ලම යැයි කිව හැකි කතා අපට ඉතිහාසයෙන් හමුවෙනවා.රොහාන් සම්බන්ධයෙන් ද සමහර විට එවැනි කතා ආදේශ කරන්නට සිඳුවන අවස්ථා පැමිණිය හැකියි.කුමන තරාතිරමක සිටියත් රජුගේ සෙවණේ සිටියත් කඩුවක් දරන්නට නුසුදුසු සතෙක් අතට එය පත් නොවිය යුතුය යන කාතව අප දන්නේ කුඩා කාලයේ සිටයි.
කෙසේ වුවත් මේ මොහොතේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ කතා කිරිමට ඇති වරප්‍රසාදිත අයිතියම යොදා ගනිමින් එම මිලියන 190 ක මුදල රොහාන් ද සිල්වා වැය කර ඇත්තේ කෙසේද යන්නත් පාර්ලිමේන්තු සාමාජිකයෙක්ම නුඳුරු දිනයක ප්‍රශ්න කළහොත් එයට ලැබෙන පිළිතුරු සමඟ ජාතික මටිටමේ ක්‍රීඩකයින්ට රට එපා වීම සහ ජාතික සංචිත පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට ක්‍රීඩාව පත්විම ගැන අපට හේතු වූ කරුණු දැන ගන්නට ලැබෙයි.සමහර විට එය සහන් ප්‍රදීප් මංත්‍රීවරයාගේ නම නිතර කියැවෙන ප්‍රවින බැඩිමින්ටන් ක්‍රිඩාව වෙනුවෙන් ද ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් ද යන්නත් විසඳා ගන්නට ලැබෙයි.
මේ සටහනට කරුණාරත්න ඈදෙන්නේම ශ්‍රී ලංකාවේ සමස්ත පරිපාලන ගැටළුවලදී හරි මූලයන් දෘශ්‍යමාන නොවන්නට වෙනත් ද්‍රෝහියෙක්,දුෂ්ඨයෙක් මැවිම සාමාන්‍ය තත්ත්වයක් නිසයි.ඒ නිසා මුවා පසෙක තිබියදී රිදෙන්නට මුව හමට තඩි බෑම සාමාන්‍ය තත්ත්වයක් වි තිබෙනවා.මෙහිදී ද සහන් ප්‍රදිප් මංත්‍රීවරයාගේ කතාව තදින් පිරික්සා මුවා සහ මුව හම හඳුනාගැනීම සීරුවෙන් කළ යුතුයි.එවිට රොහාන් ට ද තමන් තලා ඇත්තේ මුවාට ද මුව හමට ද යන්න අවබෝධ කර ගැනීමට හැකි වෙනු ඇත.ඔහු ක්‍රිඩාවට සිටිය යුතු ආයෝජකයෙක් වන අතර ඒවා ක්‍රීඩාවට නිසි පරිදි යෙදෙන්නේද නැද්ද යන්න තීරණය වීමට රටට සහ රටේ ක්‍රිඩාවට ජාතික වැඩ පිළිවෙළක් තිබිය යුතුය.
නිශ්මන් රණසිංහ
