අර්ජුන නොදන්න ධර්මපාලය (VIDEO)

සටහන – නිශ්මන් රණසිංහ

අර්ජුන රණතුංග ජනාධිපතිවරයාට පවසන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ක්‍රිතට් තණතිරුවක් (turf) පාසලක දකින්නට නොමැති බවය.නමුත් පන්නිපිටය ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉතාමත් ඉහළ මට්ටමේ තණිතිල්ලක් (turf) ඇත.අර්ජුන පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන අවධියේ දි නම් එවැනි තණතිල්ලක් තිබුණේ නැත.එය ඇත්තය.නමුත් අර්ජුන ඕල්කට් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරද්දි ධර්මපාලේ තණතීරුව දැක තිබෙන්නට අවශ්‍යය ය.

මේ තත්ත්වය දැන ජනාධිපතිවරයාට නොකිව්වේනම් එය එතරම් යහපත් දෙයක් නොවන්නේය.
අර්ජුනගේ පාසල් අවධියේ දි ධර්මපාලයට නොතිබි තණතිරුව ලැබෙන්නේ එම පාසල කොකාකෝලා සූරතාවය ජය ගැනීමෙන් පසුවය.එහිදි එම සූරතාවය සඳහා මඟ පෙන්වූ ක්‍රීඩකයා වූයේ අද ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් විනිසුරු රවීන්ද්‍ර විමලසිරිය.(රාජා) එම ජයග්‍රහණයෙන් පසුව ධර්මපාලය වෙනුවෙන් මෙම තණතීරුව සැකසිම ආරම්භ වූ අතර එම කාලයේ ධර්මපාල විද්‍යාලය පුහුණුව සහ තරග සඳහා වැඩි වශයෙන් යොදා ගත්තේ ඔරුවල වානේ සංස්ථා ක්‍රිඩාංගණය ය.

මිටර් 400 ධාවන පථයක් ඇති විශාල ක්‍රිඩාගාරයක් ඇති මෙම ක්‍රිඩාංගණය සහ ක්‍රීඩාගාරය 1989 කාලවල වැඩි වශයෙන් භාවිතයට ගත්තේ එහි රඳවා සිටි යුද භටයන්ය.ඉන් පසුව යළි සිවිල් පුරවැසියන්ට එය විවෘත වූ අතර නමුත් වානේ සංස්ථාව විකිණිමෙන් පසුව තත්ත්වය වෙනස් විය.එම ක්‍රීඩාංගණය මෙන්ම ඒ සමඟ තිබූ යම් යම් සංස්කාතික කටයුත් සඳහා යොදා ගත් රංග ශාලාව ද මිනිස්සුන්ට නැත.

තවමත් හරියට භාවිතයට නොගෙන ඉතිරිව ඇති ඔරුවල ක්‍රිඩාංගණය ක්‍රිඩා සංකීරණයක් විදිහට දියුණු කරන්නට හැකිනම් විශේෂයෙන් රගර් එළිමහන් ක්‍රීඩාවකටත්,පැසි පන්දු වැනි ක්‍රිඩාවකට ගෘහස්ථ පිටියක් ඉදි කර දීමටත් යොදා ගැනිමට හැකියාව ඇත.මෙම ක්‍රීඩාවන් දෙකටම තමන්ට යැයි අයත් ක්‍රීඩාංගණ නැත.අවශ්‍යයනම් ප්‍රමුඛතාවය ක්‍රිකට් සේ අර්ජුනගේ උවමනාව වෙනුවෙන් ගතහොත් එය පොදු තැනක් කර ක්‍රිකට් සඳහා තනතීරු සකස් කර භාවිතයට ගත හැකිය.අන් ක්‍රීඩාවලට ද පොදු තැනක් හැටියට සංවර්ධනය කරන්න ඇති හැකියාව මීටර් 400 ධාවන පථයෙන්ම සාක්ෂි ලෙස ගත හැකි අතර එහි එක පසෙක තිබෙන ප්‍රධාන පාර නොවන පාර තව තරමක් ඈතට කර සකස් කර ක්‍රිඩාංඝනය විශාල කිරීමේ හැකියාවද ඇත.

ජිවත්වීමට හොඳ පළාතක් සේ පහසුකම් වර්ධනය වෙමින් පවතින මිලේනියම් සිටි වැනි දැවන්ත නිවාස සංකීරණ සහිත ප්‍රදේශයට අයිති මේ ස්ථානයේ ඇති ඉඩ සැළකිල්ලට ගෙන ජාතික පිහිණුම් සංගමයට ද මෙහි ඉඩක් වෙන් කර ක්‍රිඩා සංකීරණයක් තැනීමේ හැකියාව ඇත.රජයට ක්‍රිඩා කිරීමේ ඉඩද ක්‍රිකට් තණතීරු ඉඩ ද යන්න තීරණය කරන අතරේම ඒ සඳහා ඉතා වටිනා බිමක් සේ ඇති මේ බිම ක්‍රිකට්වලට ප්‍රමුඛතාවය දෙන්නේද සහ සමස්ත ක්‍රීඩාවට ප්‍රමුඛතාවය දෙන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කර පහසුවෙන් ඉලක්ක කිහිපයක් සළසා ගත හැකි ඉඩක් සේ අප විසින් හඳුන්වා දෙනු කැමත්තෙමු.
ජනාධිපතිවරයාගේ සිට සියලු බලධාරීන්ට ක්‍රීඩාවට දක්වන ආදරය වචන පමණක් නොවන ක්‍රියාපද බව පෙන්වීමට මෙය ක්‍රියාත්මක විමට හොඳම අවස්ථාවකි.

මේ සමඟ අර්ජුන රණතුංගගෙන් තොරව ක්‍රිකට් පරිපාලනයක් මෙරටට වැඩදායි නොවන ව පෙන්වීමට උත්සාහ කරන නිසාම කොළම රාජකීය විද්‍යාලය පසුකර එනවිට හමුවන 2018 සැප්තැම්බර් 01 වන දින නැවත ඉහළ මට්ටමෙන් තනතීරු සකස් කර ධර්මපාල විද්‍යාලයට එම තනතුරු භාරදුන් අවස්ථාවේ තිලංග සුමතිපාල හරහා සිඳු වූ වීඩියෝ දර්ශනයක්ද මීට එක් කරන්නට අපි තිරණය කළෙමු.ඡායාරූපයේ ඇත්තේ ද ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩාංගණය ය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...