ජැක් මා අතුරුදන් ?

Date:

සටහන – සශිකලා මධුෂාණී

Alibaba නිර්මාතෘ ජැක් මා පසුගිය වසර තුන තුළ කලාතුරකින් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති බව වාර්තා වන අතර 58 හැවිරිදි ඔහු 2020 දී චීනයේ මූල්‍ය නියාමකයින් විවේචනය කිරීමෙන් අනතුරුව මෙලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ දක්නට නොමැත.

සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට අනුව වසරකට වැඩි කාලයක් විදේශගතව සිට ඔහු මෑතකදී චීනයට පැමිණ ඇති බව අනාවරණය වේ. අලිබබාට අයත් පුවත්පත් වාර්තා කර තිබුණේ කෘෂිකාර්මික තාක්‍ෂණය පිළිබඳව ඉගෙන ගැනීම සඳහා ජැක් මා මහතා විවිධ රටවලට ගොස් ඇති බවයි.

වරක් චීනයේ ධනවත්ම පුද්ගලයා වූ ජැක් මා තාක්‍ෂණික ව්‍යවසායකයින් මර්දනය කිරීම මධ්‍යයේ අතුරුදහන් වූ ඉහළම චීන ප්‍රකෝටිපතියා වේ.

ඔහු විසින් පසුගිය ජනවාරි මාසයේදී මූල්‍ය තාක්‍ෂණ දැවැන්තයෙකු වන ඇන්ට් සමූහයේ පාලනය අතහැර දැමූ අතර අප්‍රකටව ජීවත්වනු දක්නට ලැබේ. ඔහු දක්නට නොමැති වීමත් සමඟ විවිධ කටකතාවන් පැතිර යන අතර සමහරක් ප්‍රකාශ කර තිබුණේ චීන කොමියුනිස්ට් පක්‍ෂය නොමග යැවීම හේතුවෙන් ඔහුට මෙසේ සිදුවන බවයි.

වඩාත් ජනප්‍රිය කට කතාව වූයේ ජැක් මා නිවාස අඩස්සියේ තබා හෝ වෙනත් ආකාරයකින් රඳවා තබා ඇති බවයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...