පාර්ලිමේන්තුව රැස්වීම පිළිබඳ තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වන අඟහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා පෙ.ව 9.30 ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර ඇති බව සඳහන් .

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක් සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

මහලේකම්වරයා වැඩිදුරටත් දන්වන්නේ , ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙන අතර , 2023 අප්‍රේල් 18 සිට 22 දක්වා යෙදෙන අප්‍රේල් මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතිය වෙනුවට අප්‍රේල් 25 වන අඟහරුවාදා සිට අප්‍රේල් 28 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...