පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාවට ජය

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 28, කොළඹ (LNW): දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් ලකුණු 79 ක පරාජයක් ලබා ගත්තා.කාසියේ වාසිය ලැබූ චමඑි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ඇරයුම් කළ අතර ඔවුන් පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 5 ට ලකුණු 198 ක් ලබා ගත්තා.නායිකා ලෝරා වේල්වර්ඩ්ට් අගනා ශතකයක් ලබා ගනිමින් පන්දු 63 න් ලකුණු 102 ක් රැස් කිරීම දකුණු අප්‍රිකානු ලකණු පූවරුව ඉහළ යන්නට බෙහෙවින් බල පෑවා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් අචිනි කෞශල්‍යයා ලකුණු 39 ට කඩුලු දෙකක් ලබා ගත් අතර ලෝරා හා එක් වූ මාරිෂේන්නේ කේප් පන්දු 40 න් ලකුණු 60 ක් ලබා ගනිමින් දෙවන කඩුල්ල ලකුණු 116 ක සබඳකාවක් ගොඩ නඟන්නට දායක වුණා.


පිළිතුරු ඉණිමේ දී චමරි අසාර්ථක වූ අතර විශ්මි ගුණරත්න ද අසාර්ථක වූ නිසා පසු පෙළට පීඩනය කාන්දු වුණා.එහෙත් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සබඳතාවයක් පවත්වන්නට හර්ෂිතා සමරවික්‍රම සහ හෂිනි පෙරේරා සමත් වුණා.හර්ෂිතා ලකුණු 38 ක් පන්දු 33 න් ද,හෂිනි පන්දු 18 න් ලකුණු 30 ක් ද ගෙන ගත් උත්සාහයෙන් පසුව ශ්‍රී ලංකා ඉණිම පන්දු 18 ත2 දී සියලු දෙනා දැවී යන තත්ත්වයට පත් වුණා.
ලකුණු පූවරුවට පහතින් පිවිසය හැකියි.


https://www.espncricinfo.com/series/sri-lanka-women-in-south-africa-2023-24-1398245/south-africa-women-vs-sri-lanka-women-1st-t20i-1398261/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...