Order of the Druk Gyalpo රාජකීය ගෞරවයෙන් පිදුම් ලැබූ ලොව පළමු රාජ්‍ය නායකයා නරේන්ද්‍ර මෝදි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): භූතානයේ ඉහළම පුරවැසි සම්මානය වන Order of the Druk Gyalpo රාජකීය ගෞරවයෙන් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි පිදුම් ලැබූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය අගමැතිවරයාගේ පසුගිය භූතාන සංචාරය අතරතුර ඔහු මේ ගෞරවනීය සම්මානයට පාත්‍ර වූ බවත්, එරට රජ වංශයේ උත්තරීතර පුද්ගලයන්ට පමණක් පුදන ඉහළම පුරවැසි සම්මානය විදේශීය ජාතිකයකුට පිරිනැමූ පළමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම සම්මානය කෝටි 140ක ඉන්දීය ජනතාවට කැප කරන බව එම ගෞරවයෙන් පිදුම් ලැබීමෙන් මොහොතකට පසු සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉන්දීය අගමැතිවරයාගේ දෙදින භූතාන සංචාරය අතරතුර ඔහු දෙපාර්ශ්වය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා කිහිපයකටම සහභාගි වී ඇත.

භූතාන අගමැති ට්ශෙරින් ටොබ්ගේ සමඟ නිල සාකච්ඡාවකට එක්වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, තිම්පු නුවර ළමා රෝහලක්ද, ඉන්දීය අගමැතිවරයා අතින් විවෘත වී ඇති අතර, එම රෝහල ඉදි කිරිම සඳහා ඉන්දීය රජයේ ආධාර ලබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...