දුම්රිය ගාස්තු වැඩිකරන්න එපා නං අතිකාල කපන්න වෙනවා – ඇමති ! අතිකාල කැපුවොත් බලාගෙනයි – වෘත්තීය සමිති

Date:

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයට යම් සහනයක් ලබා ගැනීම සඳහා දුම්රිය ගාස්තු ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. දින කිහිපයකට ඉහතදී හදිසියේ දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ නමුත් ප්‍රවාහන ඇමතිවරයාගේ මැදිහත්වීම මත එය කල්දැමිණි.

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය වෘත්තීය සමිති දැඩි විරෝධය පළකරන අතර ඔවුන් පවසන්නේ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ඊයේ ප්‍රකාශ කළේ ගාස්තු ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන්නේ නම් දුමිරිය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමට සිදුවන බවයි. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් දුම්රිය‌ දෙපාර්තමේන්තුව ලබන පාඩුව ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් එම පාඩුව හෝ පියවා ගැනීමට අවශ්‍ය බවයි. ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වන්නේ නම් අතිකාල කප්පාදු කර හෝ එම පාඩුව පියවා ගන්නා බව ඇමතිවරයා පවසනවා.

කෙසේ නමුත් ඒ සඳහාද වෘත්තීය සමිතිවල විරෝධය පළකර තිබෙනවා. සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය පවසන්නේ අතිකාල දීමනා කප්පාදු කළහොත් ඊට දැඩි විරෝධය පළ කරන බවයි. දුම්රිය සේවය පවත්වාගෙන යාමට නම් සේවකයන් අතිකාල සේවාවල නිරතවීම අත්‍යවශ්‍ය වී ඇති බවත්, අතිකාල කප්පාදු කිරීමට කටයුතු කළහොත් අර්බුදය විසඳීම වෙනුවට සමස්ත දුම්රිය සේවයම කඩා වැටෙනු ඇති බවත් එම සංගමයේ සභාපති එස්.පී. විතානගේ මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...