එක්ස්පැක් සමාගම වසර 25ක ආදර්ශමත් වර්ධනය සහ විශිෂ්ටත්වය සමරයි

Date:

සේයා රුව :

  1. එක්ස්පැක් (Ex-pack) සභාපති සත්තර් කාසිම් මහතා  

දෙස් විදෙස් ප්‍රධාන පෙළේ සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛ පෙළේ සමාගමක්වන එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් පීඑල්සී (Ex-pack Corrugated Cartons PLC) සමාගම සිය 25 වැනි සංවත්සරය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කළේය. විවිධ බාධක සහ අභියෝග මධ්‍යයේ අඛණ්ඩ වර්ධනයක්, නවෝත්පාදන ධාරිතාවක් අත්කරගත් එක්ස්පැක් සමාගම මේ වන විට වඩාත් ශක්තිමත් ඉදිරි ගමනක නිරතව සිටියි.   

රිදී ජුබිලි සංවත්සරය වෙනුවෙන් සමාගම සතු සපුගස්කන්දේ පිහිටි අති නවීන කර්මාන්තශාලා පරිශ්‍රයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. එහිදී සියලුම සේවකයින්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් ද සිදුවිය.  එක්ස්පැක් සභාපති සත්තාර් කාසිම් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන අංශය තුළ ප්‍රමුඛතම තෝරාගැනීමක් බවට එක්ස්පැක් සමාගම පත්කිරීමට දායක වූ සියලු පාර්ශ්වකරුවන් ඇගයීමට ලක්කළේය.  

වර්ෂ 1997 මාර්තු මාසයේදී ආරම්භ වූ එක්ස්පැක් සමාගම ක්‍රමයෙන් සිය මෙහෙයුම් ධාරිතාව වැඩි කරගනිමින්, මෙරට භාණ්ඩ ඇසුරුම් ක්ෂේත්‍රය තුළ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බවට පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව හැරුණු විට, ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයන්හි වෙළෙඳපොළ වෙත ද සිය නිෂ්පාදන සැපයුම් වර්ධනය කරගැනීමට එක්ස්පැක් සමත්ව සිටියි. PUM Netherlands සමාගම විසින් ශ්‍රී ලංකාවේ හොඳම කොරගේටඩ් ඇසුරුම් නිෂ්පාදනාගාරය ලෙස ද එක්ස්පැක් කර්මාන්තශාලාව නම් කරන ලදී. 

ගෙවුණු වසර 25ක කාලය තුළ විවිධ අවස්ථාවන්හි, විවිධ ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබීමට ද එක්ස්පැක් සමාගමට හැකිවිය. විශේෂයෙන්ම, ජාතික අපනයන වාණිජ මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන සම්මාන උළෙලේදී අපනයනකරුවන් වෙනුවෙන් වඩාත් කැපීපෙනෙන සේවා සම්පාදකයා සඳහාවන රන් සම්මානය (මහා පරිමාණ අංශය) දිනාගැනීමට ද එක්ස්පැක් සමාගම සමත්විය. තව ද ලංකා ජාතික කර්මාන්ත වාණිජ මණ්ඩලයේ (CNCI) හොඳම ව්‍යාපාර 10 සඳහා වූ (මහා පරිමාණ අංශය) සම්මානය, ලංකා ස්ටාර් ‘නවෝත්පාදන ඇසුරුම්‘ සම්මානය, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල (NCCSL) සම්මාන, ලංකා ආයතනික සමාජ සත්කාර සම්මාන සහ හරිත සම්මාන ආදී සම්මාන බුහුමන් රැසකින් එක්ස්පැක් පිදුම් ලබා ඇත. 

විවිධත්වය, සමානාත්මතාව සහ අන්තර්කරණය පාදක කරගත් විශ්වාස සහ හර පද්ධතිය තුළින් නිර්මාණය වූ විශිෂ්ට සේවා පරිසරය, එක්ස්පැක් සමාගමේ වර්ධනය පසුපස තිබුණු දැවැන්ත ශක්තියක් වූ බව සභාපති සත්තාර් කාසිම් මහතාගේ විශ්වාසය යි. සමාගම සතුව 300කට අධික කාර්ය මණ්ඩලයක් සිටින අතර, ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් දියත් කෙරෙන විවිධ වැඩසටහන් තුළින් ඔවුන් නිරන්තරයෙන් දිරිමත් කිරීමට සහ සවිබලගැන්වීමට කටයුතු කෙරේ. විශේෂයෙන්ම කාර්යමණ්ඩලයේ ඕනෑම සේවකයෙකුට කළමනාකාරීත්වය සමඟ ඕනෑම දෙයක් සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන විවෘත රැකියා පරිසරයක් බිහිකිරීමට සහ පවත්වාගෙන යෑමට සමාගම කැපවී ක්‍රියාකරයි. 

ආසියානු කලාපය තුළ සේවය කිරීමට ඇති හොඳම ආයතනයක් වශයෙන් අඛණ්ඩව වසර 3ක් සහ ඉකුත් වසර වන විට ශ්‍රී ලකාව තුළ සේවය කිරීමට ඇති හොඳම ආයතනයක් ලෙස අඛණ්ඩව වසර 4ක්, Great Place to Work සහතිකය දිනාගැනීමට හැකිවීමත්, එක්ස්පැක්හි එම කැපවීමට සාක්ෂි සපයයි. විශේෂයෙන්ම ගෙවුණු අතිශය දුෂ්කර කාලසීමාවේදී පවා තම සේවකයින් වෙනුවෙන් සමාගම යොමු කළ ඉහළ අවධානය ඉන් මනාව පිළිබිඹු වේ. 

නවෝත්පාදනය වෙනුවෙන් සමාගම සතු නැඹුරුතාව හේතුවෙන් ගනුදෙනුකරුවන්ට වඩාත් සුදුසු විසඳුම් සම්පාදනය කිරීමට ද හැකිවී තිබේ. විශේෂයෙන්ම, ගුණාත්මකභාවය හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතිය, ISO 9001-2015, ISO 14001-2015, FSC COC සහ WRAP (Worldwide Responsible Accredited Production) ආදී තත්ත්ව සහතික හිමිවීම තුළින් ද හොඳින් පෙන්නුම් කෙරේ. 

තිරසරභාවය, වගකීම් සහගත නිෂ්පාදන ක්‍රියාවලිය සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳව සමාගම දක්වන දැඩි සැළකිලිමත්භාවය පිළිබිඹු කරමින්, සපුගස්කන්දේ පිහිටි එක්ස්පැක් කර්මාන්තශාලාව මේ වන විට co-energi ආයතනය මගින් පිරිනැමෙන LEED සහ කාබන් ශූන්‍යකරණ සහතික ලබාගැනීම වෙනුවෙන් ද කටයුතු කරමින් සිටියි. 

ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ ක්ෂේත්‍රය තුළ ලබාගත් වර්ධනය සමඟින් එක්ස්පැක් සමාගම, මෑතකදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවට ද පත්විය. අධි ඉල්ලුමක් නිර්මාණය වූ මූලික කොටස් නිකුතුවක් සමගින් එසේ පොදු සමාගමක් බවට පත්වුණු එක්ස්පැක් සමාගම, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරයට පත් කොරගේටඩ් ඇසුරුම් නිෂ්පාදන සැපයුම්කරුවෙකු ලෙස නිරතව සිටින ගමනට එක්වන ලෙස මහජනතාවට ඇරයුම් කර සිටී. 

  • අවසන්   –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...