ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා විල් ස්මිත්ගෙන් නිවේදකයාට කනේ පාරක් !

0
1634

ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී පැවැත්වෙනවා. සම්මාන උළෙල අතරතුර ඇති වූ සිදුවීමක් හේතුවෙන් මේ වනවිට ඔස්කාර් සම්මාන උළෙල පිළිබඳව ලොවපුරා කතාබහට ලක්ව තිබේ.

මෙවර හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ විල් ස්මිත් විසිනි. ඒ, ද කිංග් රිචර්ඩ් සිනමාපටයේ ඔහු සිදුකළ අතිවිශිෂ්ට රංගනය වෙනුවෙනි.

සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කරන ක්‍රිස් රොක් වේදිකාව මැදදී සම්මාන උළෙලේ හොඳම නළුවාගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඊට හේතු වූයේ විල් ස්මිත් හා ඔහුගේ බිරිඳ ඈඳා ගනිමින් ක්‍රිස් රොක් සිදුකළ ඇස් රතුවෙන විහිළුවක් හේතුවෙනි.

නිවේදකයා විල් ස්මිත් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව කතාබහ කරමින් සිටින අතරතුර එකවරම වේදිකාවට පිවිසි විල් ස්මිත් නිවේදකයාට කනේ පහරක් එල්ල කළේය. ඉන්පසු සිය අසුනට ගිය විල් ස්මිත් ආවේගශීලී ලෙස අදහස් ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.

විල් ස්මිත් හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට පෙර මෙම සිදුවීම සිදු වූ අතර සම්මානය ලබා ගන්නා අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළේය. සංවේදී ලෙස අදහස් ප්‍රකාශ කළ ඔහු ඉල්ලා සිටියේ ඇස් රතුවන විහිළු සඳහා සිය බිරිඳ ඈඳා නොගන්නා ලෙසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here