ඉන්දීය විදේශ ඇමති සහ ජනාධිපති අතර හමුවක්

Date:

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (28) හමුවක් සිදුවිය.

අද කොළඹ දී ඇරඹෙන පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණ සිටින්නේ.

ඒ අනුව හෙට දිනයේදී ජෙයිශංකර් මහතා එම සමුළුවට සහභාගී වීමට නියමිතයි.

ජෙයිශංකර් මහතාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිතුමා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබාදීම පිළිබඳ ස්තූතිය පළ කර තිබේ.

මේ වසරේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධාන කර ඇති බවයි මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම අද දින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතරද හමුවක් සිදුව තිබේ.

මේ අතර ජෙයිශංකර් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාව ද හමුවීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...