කොළඹ – මොස්කව් ගුවන් ගමන් අත්හිටුවයි

Date:

ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදු කරන ගුවන් මෙහෙයුම් අත්හිටුවීමට සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසනවා. අද (28) සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි ගුවන් සමාගම පවසන්නේ.

ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින සීමා කිරීම් හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ශ්‍රීලංකන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව බොහෝ ගුවන් සමාගම් රුසියාව සමග ගුවන් සබඳතා අත්හිටුවීමට තීරණය කළ අතර ඊට අදාල වෙනත් සේවා ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර සමාගම්ද සිය සේවා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් සමාගම නිකුත් කළ නිවේදනය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් වෙත ගුවන් ගමන් අත්හිටුවයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකරන ගුවන් මෙහෙයුම් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගුවන් සමාගමේ පාලනයෙන් පිටත පවතින මෙහෙයුම් සීමා කිරීම් හේතුවෙන් මෙම තීරණය ගන්නා ලදී .

දැනට පවතින රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය සහ ගුවන් යානා රක්ෂණ සීමාවන් පනවා ඇති අතර ශ්‍රීලංකන් ගුවන් සේවය රුසියාව වෙත සිදුකරන ගුවන් ගමන් මෙහෙයුම් සඳහා එම කාරණා සෘජුවම බලපානු ලබයි.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සමාගම නැවත දැනුම් දෙන තුරු මොස්කව් වෙත ගුවන් මෙහෙයුම් සිදුනොකරනු ඇත.

නොවැලැක්විය හැකි හේතූන් මත ගුවන් සේවය ගනු ලැබූ මෙම තීරණයෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ගුවන් සමාගම සිය කණගාටුව ප්‍රකාශ කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය රුසියාවේ තත්ත්වය අධීක්‍ෂණය කරමින් සිටින අතර තත්ත්වය යහපත් වූ පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. ගුවන් ගමන් අත්හිටුවීමට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ මොස්කව් අතර සතිපතා ගුවන් ගමන් දෙකක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...