අපි කොහොමත් කැපකිරීම් කරමින් ඉන්නෙ, දැං ජනතාවගෙ වාරෙ – නිපුණ රණවක

Date:

මේ මොහොතේ රටම දැඩි අසීරුතාවයකට පත්ව සිටින බැවින් ජනතාව සියලුදෙනාම කැපකිරීම් සිදු කිරීමට සූදානම් වියයුතු බව මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් සියලුදෙනා දැනටමත් විවිධ කැපකිරීම් සිදු කරමින් සිටින බව පෙන්වා දෙන නිපුණ රණවක මහතා පවසන්නේ දැන් රට වෙනුවෙන් ජනතාවද කැපකිරීම් සිදු කිරීමේ වාරය පැමිණ ඇති බවයි. විශේෂයේන තරුණ ප්‍රජාව ඊට සූදානම් වියයුතු බව ඔහු සඳහන් කරනවා.

නිපුණ රණවක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

කෙසේ නමුත් රටේ බහුතර ජනතාව පවසන්නේ තමන් කාලයකට සිටම විවිධ කැපකිරීම් සිදු කරමින් සිටින බවයි. ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින්, අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගත නොහැකිව, වේලකින් දෙකකින් දවස පිරිමසාගෙන උපරිම කැපකිරීම් සිදු කරද්දී පාලකයන් සුපුරුදු පරිදි කිසිදු අපහසුවකින් තොරව දිවි ගෙවන බව ඔවුන් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...