කෝප් කමිටුවේදී හෙළි වූ තරුණ සේවා සභාවේ වංචා,දුෂණ ගැන නීති ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානමින්!

Date:

කොළඹ LNW:තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අදාළව එම වාර්තාව සහ හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති චෝදනා පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලදී රනිල් වික්‍රමසිංහ රජය සමයේ එම ආයතනයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ සිද්ධි රැසක් හෙළිවී තිබුණි.

නියමිත ආයතන පටිපාටියෙන් බැහැරව එහි කටයුතු සිදුව තිබුණු අතර ඇතැම් නිලධාරීන් එම තත්ත්වයන් වසන් කිරීමටද උත්සහ දරන ආකාරය පෙනෙන්ට තිබුණු අතර ඇතැම් නිලධාරීන් බලපෑම් මත ක්‍රියාත්මක වූ ආකාරයද අනාවරණය විය.

කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු අනුව වගකීම් විරහිත නිලධාරීන්ගේ වැඩතහනම් කර ඔවුන් පිළිබඳ දීර්ඝව පරීක්ෂණ කිරීමට වර්තමාන තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්‍වරයාට උපදෙස් ද දී ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...