කෝප් කමිටුවේදී හෙළි වූ තරුණ සේවා සභාවේ වංචා,දුෂණ ගැන නීති ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව සූදානමින්!

Date:

කොළඹ LNW:තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අදාළව එම වාර්තාව සහ හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති චෝදනා පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලදී රනිල් වික්‍රමසිංහ රජය සමයේ එම ආයතනයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ සිද්ධි රැසක් හෙළිවී තිබුණි.

නියමිත ආයතන පටිපාටියෙන් බැහැරව එහි කටයුතු සිදුව තිබුණු අතර ඇතැම් නිලධාරීන් එම තත්ත්වයන් වසන් කිරීමටද උත්සහ දරන ආකාරය පෙනෙන්ට තිබුණු අතර ඇතැම් නිලධාරීන් බලපෑම් මත ක්‍රියාත්මක වූ ආකාරයද අනාවරණය විය.

කෝප් කමිටුවේදී අනාවරණය වූ කරුණු අනුව වගකීම් විරහිත නිලධාරීන්ගේ වැඩතහනම් කර ඔවුන් පිළිබඳ දීර්ඝව පරීක්ෂණ කිරීමට වර්තමාන තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්‍වරයාට උපදෙස් ද දී ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...